විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති අවධාරණය කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක නියෝජතයින්ගේ අත්සනින් යුක්තව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව දැනුම් දී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉල්ලීම් 8ක් ඇතුළත් ලිපියක් පසුගිය ජනවාරි මස 12 වන දින අදාළ වෘත්තීය සමිති විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමුකර තිබෙන නමුත් අදාළ ඉල්ලිම් සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බැවින් යළිත් වරක් අදාළ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකරමින් ඊයේ (09) දිනයේ අමාත්‍යවරයා වෙත විදුලි වෘත්තීය සමිති විසින් තවත් ලිපියක් යොමුකර ඇති බව සඳහන්.

සිය ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉල්ලීම් දිනා ගැනීම සදහා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හැර වෙනත් විකල්පයක් සේවකයින්ට ඉතුරුව නොමැති බව එම ලිපිය මගින් දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකය යළි ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු...

මිලියන 500ක වී වියළන යන්ත්‍ර සමූපකාරවලට ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹේ!

කොළඹ LNW:සමූපකාර සමිති වෙත වී වියළීමේ යන්ත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියේ...

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට සංශෝධන එක් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු...