2025 මැද වනවිට උද්ධමනය නැවතත් ධනාත්මක කලාපයකට පැමිණේවි – මහ බැංකු අධිපති

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

අද (08) දින , ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ, මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇති බවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අද පෙරවරුවේදී, 75 වසරක් සපිරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම සිදුකෙරුණු බව සඳහන් වේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී පවසා සිටියේ,

“2025 මැද භාගව වනවිට උද්ධමනය නැවතත් ධානාත්මක කලාපයකට පැමිණෙයි. මුදල් අමාත්‍යංශය සමග එකඟ වූ ආකාරයට 5%ක ප්‍රතිශතයක ස්ථාවර වේවි. 2025 වසර මුල භාගයේ දී නිවැරිදි කිරීමක් ලෙස අවධමනයක් ද වාර්තා වියහැකියි. පුද්ගලික අංශයේ ණය ප්‍රකෘතිමත් වීම තවදුරටත් අඛණ්ඩව සිදුවේවි. රජයේ වාර්තාමය ප්‍රතිපත්ති ඊට සහායක් වේවි. ව්‍යාපාරික හිතවාදී වාතාවරණය ඊට බලපාන සාධකයක් දේශීය මිල ගණන්වලට බලපාන බාහිරි අවදානම් අවමවීමක් ද බලාපොරොත්තු විය හැකියි.”  ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...