විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ක්‍රියාත්මක ඇයි ? – සජිත් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

1979 වසරේ තාවකාලික නීතියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්විමේ පනත පනවන ලද්දේ එවක රටේ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට වුවත් අද වන විට දශක 3ක සිවිල් යුද්ධය නිමා වී වසර 15ක් පමණ ඉක්මවා ගොස් තිබියදීත් මෙම නීතිය පවත්වාගෙන යාම ගැටලු සහගත බවත් වර්තමානයේ මෙම නීතිය උපයෝගී කර ගෙන දේශපාලන විරුද්ධවාදීන්, ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ වැඩවර්ජන මෙන් ම මාධ්‍යවේදීන් ද මර්දනය කරන බවත් මේ නිසා ශ්‍රී ලංකාව අත්සන් කළ සහ බැඳුණු අන්තර්ජාතික නීති සම්බන්ධයෙන් ද ගැටුමක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් මීට පෙර පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අදහස් දක්වා ඇති නිසා මෙම නීතිය අහෝසි කිරීම හෝ ඒ සඳහා සංශෝධන පනතක් ගෙන ඒම හෝ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීම ගැන රජයේ ස්ථාවරත්වයත් මෙය සංශෝධනය කිරීමට රජය ඉදිරිපත් කරන විකල්ප විසඳුම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ පනත යටතේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

තවද මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගත් පැය 72ක කාලයක් රඳවා ගැනීම සම්බන්ධයෙන් රජය දරණ මතයත් මෙම පනත යටතේ වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමත් ආදිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව මෙය ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කරන්නේද කියාත් ප්‍රශ්න කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (ජනවාරි 08) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...