ගෙවතු වගාවේ වැදගත්ම හා ප්‍රයෝජන මොනවාද ?

Date:

වස විසෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ පියවරේදී දිවි නැගුම ව්‍යාපෘතිය නැවත ස්ථාපිත කිරීම හරහා ගෙවතු වගාව ආරම්භ කිරීම මෙම කාලයේ දී උචිත ක්‍රියාවක් ලෙස සැලකිය හැකියි .ලොවම වසංගත තත්ත්වයකට මුහුණපා නැවත ගොඩ නැගෙන අවස්ථාවකදී ගෙවත්තේ එළවළු පලතුරු වගා කිරීම මගින් ආහාර සුරක්ෂිතතාවය සහ වස විසෙන් තොර ආහවිසෙන් තොර ආහාර තම ගෙවත්තේ දීම ලබා ගැනීමට ජනතාවට හැකි වන බවත් මෙහි දී මතු කළ යුතු විශේෂිත කාරණයක් .ඒ අනුව ගෙවතු වගාව සිදු කරන්නේ කෙසේද එයින් අත්කරගත හැකි යහපත් ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳව අවබෝධය ඉතාම වැදගත් .

  1. ගෙවතු වගාවෙන් ලැබෙන වැදගත්ම ප‍්‍රයෝජනය තමයි එදිනෙදා පවුලේ ආහාර වේල සඳහා වස විසෙන් තොර පෝෂ්‍යදායී නවුම් එළවළු හ පලතුරු ලබා ගැනීමට හැකිවීම. 2. ගෙවත්තේ හා මුළුතැන් ගෙයින් බැහැර වන කසළ කළමනාකරණය තුළින් ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට හා ඉතා උසස් තත්ත්වයේ කාබනික පොහොරක් වන ‘කොම්පෝස්ට්’ නිෂ්පාදනය කර ගැනීමට හැකිවීම.
  2. එදිනෙදා ගෙවත්තේ වැඩ කටයුතු කිරීම තුළින්  ලැබෙන ව්‍යායාමයෙන් ශාරීරික හා මානසික සෞඛ්‍ය රැුක ගැනීමට හැකිවීම.
  3. එළවළු හා  පලතුරු මිලදී ගැනීමට යන වියදම අවම කර ගැනීමට හැකිවීම තුළින් හා අතිරිත්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීම තුළින් මුදල් ඉතිරි කරගත හැක්වීම.
  4. විනෝදාංශයක් ලෙසින් ගෙවතු වගාවේ යෙදීම තුළින් තම කාලය ඵලදායී ලෙස යොදා ගැනීමට අවස්ථාව ලැබීම.
  5. ගෙවත්ත ප‍්‍රියමනාප ස්ථානයක් වීම හා තම දරුවන් ද ගෙවතු වගාවට යොමු කර ගැනීමට හැකිවීම තුළින් ඔවුන්ට තමා ජීවත් වන පරිසරය පිළිබඳ වඩාත් හොඳ ප‍්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදාවීම හා අනාගතයේදී කෘෂිකර්මයට ලැදි ජනතාවක් බිහිවීම.
  6. සමස්තයක් ලෙස සෑම අතින්ම නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටෙහි බිහිවීම.

ඉහත සඳහන් කළ ආකාරයට ගෙවතු වගාව තුළින් ඔබට ලැබෙන ප‍්‍රයෝජන රැුසක් තිබෙනවා. ඒත් මෙහිදී අප අවධාරණය කරගත යුත්තේ ගෙවතු වගාව තුළින් ඉහත සඳහන් ධනාත්මක දේ ලැබෙන්නේ එය වසවිස වලින් තොරව සිදුවන්නේ නම් පමණක් බවයි. එසේ නැතිව රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක යොදා ගනිමින් කරන ගෙවතු වගාව තුළින් කිසිදු ආකාරයේ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමක් සිදුවන්නේ නැහැ.

වසවිස වලින් තොර වගාවක් කරන්නේ කෙසේද ?

වස විස වලින් තොර සෞඛ්‍යාරක්ෂිත ගෙවත්තක් සඳහා කාබනික පොහොර යොදා ගත යුතුයි. ඒ වගේම එය වඩාත් ඵලදායී හා ලාභදායී වන්නේ ගෙවත්තේ සහ මුළුතැන්ගෙයින් බැහැර වන කසළ වලින් කාබනික පොහොර සකසා ගැනීම කළහොත් පමණයි.

නිවසේදීම කාබනික පොහොර නිපදවා ගැනීම තුළින් ඔබට වාසි කිහිපයක් ලැබෙනවා.

  1. ගෙවත්ත තුළ එකතු වන කොළරොඩු භාවිතා කිරීම තුළින් ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට හැකිවීම.
  2. මුළුතැන්ගෙයින් බැහැර කරන කසළ නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අවස්ථාව උදාවීම.
  3. ගෙවතු වගාව සඳහා කාබනික පොහොර මිලදී ගැනීමට වැයවන මුදල් ඉතිරි වීම.
  4. කසළ බැහැර කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතනවලට දැරීමට සිදුවන විශාල වියදම හා කාලය මෙවැනි ක‍්‍රම මගින් අඩුවීම. (මෙය ඔබ රටට කරන අමිල සේවයක්)
  5. වස විස වලින් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට හැකිවීම.

මේ අනුව බලන විට ගෙවතු වගාව ආර්ථික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ මං මූලික පියවර ලෙස අවබෝධ කර ගැනීම මගින් සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් රටටම දායක විය හැකියි හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...