අපි ජනතාවගේ අමාරුකම් තේරුම්ගත් රජයක්. අභියෝග මතින් හෝ පොරොන්දු ඉටු කරනවා – මහින්ද

0
522

ජනතාවට සහන ලබාදුන්නේ ඡන්දයක් පැවැත්වීමේ අදහසකින් නොව භාණ්ඩ මිල ඉහළ යෑමෙන් ජනතාව පත්ව ඇති අසීරුතා සලකා බලා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“ජනතාවට සහනයක් දුන්නාම සමහරු ඡන්දයක් ළඟ එනවාද කියලා අහන පුරුද්දක් තියෙනවා. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂය මොකක්ද කියලා කවුරුහරි ඇහුවද ? අපි රජයක් හැටියට භාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරු නිසා තමයි අපි සහන යෝජනා කරන්නෙ. අභියෝග මතින් හෝ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නයි අපි හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ. අභියෝග එනවිට ඒ අභියෝගය බාරගන්න එකමුතුකම අවශ්‍යයයි. එහෙම නැතුව තමන් ඉන්න තැනම විවේචනය කරනකොට, ජනතාව තේරුම් ගන්න ඕනෙ ඇයි විවේචනයට කලින් ක්‍රියාත්මක වෙන්න බැරිවුණේ කියලා”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (07) එක්වෙමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here