*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

බොරු කයිවාරු එපා, පුළුවන් නම් විපක්ෂයේ සිට වැඩ කර පෙන්වන්න – සජිත්ගෙන් ප්‍රසිද්ධ අභියෝගයක්

සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය දිනක තබුත්තේගම ජාතික පාසලට බස් රථයක් ලබා දුන් අවස්ථාවේ එම පාසලේ ආදි ශිෂ්‍යයකු වන පක්ෂ නායකයකුට රිදී විවිධ අපහාස සිදු කරන බව යි.

එසේම කයිවාරු ගහන වීවීඅයිපී සමාජවාදීන්ට කියා සිටියේ බොරු කයිවාරුව පැත්තකට දමා පුළුවන් නම් විපක්ෂයේ සිට සජිත් ප්‍රේමදාස සමඟ ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙසත් එසේ නොමැතිව බොරු කයිවාරු සහ අපහාසවලින් මෙම බස් රථ ලබා දීමේ වැඩසටහන නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (4) හෝමාගම මහා විද්‍යාලයේ දී පැවසීය.

ඒ, සක්වලට සමගාමීව ලක්ෂ පනහක් වටිනා 60 වන බස් රථය හෝමාගම මහ විද්‍යාලයට පරිත්‍යාග කරමිනි.

අප රටේ දරු පරපුර කැට හොල්ලන ජාතියක් බවට පත් කිරීමේ පිඹුරු පත් සකසන වීඅයිපී සමාජවාදීන්ට රිදී රැස්වීමක් කැඳවා සජිත් කෙසේ හෝ පරද්දන බවට පැවසූ බවත් නමුත් මෙසේ පාසල්වලට බස් රථ ලබා දීම රෝහල්වට බෙහෙත් ලබා දෙන්නේ මැතිවරණ දිනීමේ අරමුණින් නොව සමාජ යුතුකම සහ සුබසාධන අරමුණින් බවත් දේශපාලනඥයකු වූ විට පෙනුමින් හෝ කතාවෙන් පමණක් නොව ප්‍රායෝගිකවද වැඩ කළ අයකු විය යුතු බවත් මිනිසුන් තමා පත් කරන නායකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇහැ ගහගෙන සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ උතුරු කොරියාව, කියුබාව සමඟ සම්බන්ධකම් තිබූ පමණින් මේ රට ගොඩගැනීමට නොහැකි බවයි.

වත්මන් ආණ්ඩුව එක් පැත්තකින් රටේ ආර්ථිකය හකුලන විට ජනතාව දැඩි පීඩනයකට පත්වන බවත් මෙයට ඇති එකම විසඳුම වන්නේ ආර්ථිකය හකුලන්නේ නැතිව ජන ජීවිත වර්ධනය කරමින් බවත් නමුත් මේ වන විට ජන ජීවිත විනාශ වි ඇති බවත් අම්මලාට තාත්තලාට දරුවන්ට සපත්තු කූට්ටමක් හෝ අරන් දීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා පැවසීය.

එබැවින් ජනතාව වෙනුවෙන් වැඩක් කළ හැක්කේ කාටද? රටට ඩොලර් ගෙන ආ හැක්කේ කවුද? දක්ෂයා කවුද? කියා ජනතාව තීන්දු කළ යුතු බවත් එසේ නොවුවහොත් මේ තිබෙන තත්ත්වයටත් වඩා පහළට වැටෙන බවත් මේ කුහක දේශපාලනයට නැවතීමේ තිත තැබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කිසිදු අයකුට මේ බස් රථ ලබා දීමේ වැඩසටහන නැවැත්විය නොහැකි බවත් එයට හේතුව මේ සඳහා මුදල් වැය කරන්නේ රජයේ ප්‍රතිපාදනවලින් නොවන බවත් ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan