ගාසාහි ළමුන්ගේ පිරිහෙන මල්විය!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ආරක්ෂණ නවතම දත්ත වලට අනුව, පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 සිට පලස්තීන සෞඛ්‍ය මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 613 ක් පමණ මිය ගොස් සහ 770 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

නොනවත්වා පවතින අරගල සහ සෞඛ්‍ය සේවයට එල්ල වන අඛණ්ඩ ප්‍රහාර ගාසා තීරයේ ජනතාව බිඳවැටීමකට තල්ලු කරන” බව අඛණ්ඩව පවතින සටන් සහ බෝම්බ හෙලීම හෙළා දකිමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පවසයි.

ගාසා තීරයේ ළමුන් අතර රෝගාබාධ ඉහළ යාම, පෝෂණය පහත වැටීම සහ සතුරුකම් උත්සන්න වීම ආදී වූ ඔවුන්ගේ ජීවිතවලට මාරාන්තික ත්‍රිත්ව තර්ජනයකට මුහුන දෙමින් කටුක කාලයක් මේ වන විට ගත කරමින් සිටී.

ළමුන් දහස් ගණනක් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දැනටමත් මිය ගොස් ඇති අතර, ළමුන්ගේ ජීවන තත්වයන් ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින අතර, ළමුන් අතර පාචනය සහ ආහාර දරිද්‍රතාවය ඉහළ යාම, ළමා මරණ වැඩි වීමේ අවදානම ඉහළ නංවන කාලයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...