නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචිකරුවන්ට සුබ පණිවුඩයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): මේ වසර අවසන් වීමට පෙර නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50කට හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය තීරණය කර ඇත.

එහිදී, මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතුව ඇති මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදෙන බවද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 දෙනෙකු පදිංචිව සිටින අතර ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතව ඇති බව සඳහන් වේ.

අනාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ, මහල් නිවාසවල මතුව ඇති නෛතික හා අනෙකුත් ගැටළු නිරාකරණය කර ගැනීමට යම් කාලයක් ගත වන බවයි.

එම ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසුව ලබන වසරේ දී අනෙක් පිරිසට හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන ලෙස විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග මහතා තමන්ට උපදෙස් දී ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සඳහන් කරයි.

අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කර තිබුණේ තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන බවට ප්‍රකාශ කර තිබෙන බවද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා ඒ සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් ගැසට් කරන ලෙසට ඇමැති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම සංවර්ධන සැලසුම් ගැසට් කිරීමට පෙර ඒවායේ භාෂා භාවිතය සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකරන ලෙසද සභාපතිවරයා මෙහිදී පැවසුවේය. මේ අතර මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත ඒවායේ සින්නක්කර අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

ඒ අනුව බොරැල්ල, ඕවල් විව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන්ට සින්නක්කර අයිතිය පැවරීම සඳහා අනුමැතිය ඉල්ලමින් ඇමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

බොරැල්ල, ඕවල් විව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය මධ්‍යම අදායම් නිවාස ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද්දක් වන අතර එය නවීන අංගෝපාංගවලින් යුක්තව මහල් 24කින් සමන්විත වේ. නිවාස ඒකක 608න් සහ වාණිජ ඒකක 5කින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...