බංග්ලාදේශ අගමැති වරම පස්වැනි වරටත් ෂීක් හසීනාට

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ අගමැතිනි ෂීක් හසීනා පස්වන ධුර කාලය සඳහා නැවත තේරී පත්ව ඇති බව බංග්ලාදේශ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවර මැතිවරණය තුළ 40%ක් තරම අඩු ප්‍රතිශතයක් ජන්දය ප්‍රකාශ කර තිබු අතර මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැවසුවේ හසීනාගේ පක්ෂය මුළු ආසන 300 න් හතරෙන් තුනක් පමණ, අවම වශයෙන් ආසන 220 ක් දිනාගෙන ඇති බවත්, ප්‍රචන්ඩ ක්‍රියා වැලැක්වීම වෙනුවෙන් රට පුරා 800,000 කට ආසන්න පොලිස් නිලධාරීන් සහ සොල්දාදුවන් යොදවා ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීම බොහෝ දුරට සාමකාමීව සිදු වූ බවයි.

මෙවර ජන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් සකාවත් හොසේන් විසින්ම මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, අවසන් කිරීමට පැයකට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 27ක් වශයෙන් නිරීක්ෂණය වූ බවත් අවසන් පැය තුළ 40% දක්වා වර්ධනය වූ බවත්ය.

මිලියන 170 ක ජනතාවක් සිටින රටේ දේශපාලනය දිගු කලක් ආධිපත්‍යය දැරුවේ ෂීක් හසිනාය. 2009 වසරෙන් අනතුරුව මැතිවරණයන් තුළ හසීනා තීරණාත්මක ජයග්‍රාහකයා වූ අතර, පසුව පැවති ඡන්ද විමසීම් දෙකක් පුලුල්ව පැතිරුනු අක්‍රමිකතා සහ වංචා චෝදනාවන් එල්ල විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...