තවත් විගනණ වාර්තාවකින් හෙළි වූ මහා පරිමාණ අලාභයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ (LNW):

2023 වසරේ දී, ගුවන් ගමන් වාර 548ක් ප්‍රමාද වීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 27කට ආසන්න පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇති බව පැවසේ. 2023 වසරේ දී වෙනත් ආයතනවලින් කල්බදු කුලී පදනම යටතේ ගුවන් යානා ලබාගැනීමට රුපියල් කෝටි 640ක් වැය කර ඇති බවද එහි සඳහන් වේ.

මෙම පාඩුව ලබා ඇත්තේ 2022 අප්‍රේල් සිට 2023 සැප්තැම්බැර් 30 දක්වා කාලය තුළ ප්‍රමාදයන්ට ලක්වු ගුවන් ගමන් වාර හේතුවෙන් බවත්, මෙම ගමන් වාර 548 තුළ පැය තුනේ සිට පැය 56 දක්වා එනම් දින දෙකකට අධික කාලයක් ප්‍රමාද වූ ගුවන් ගමන් ද පවතින බව විගණන වාර්තාවේ දැක්වෙයි.

මෙම ප්‍රමාදයන් වෙනුවෙන් ප්‍රතිස්ථාපන ගුවන් යානා ද නියමිත වෙලාවට ලබාගැනීමට නොහැකි වීම, සේවා කළ නොහැකි NEO එන්ජින් ගොඩබිම පැවතීම, ගුවන් යානා අමතර කොටස් ලබාගැනීමට දිගු කාලයක් ගතවීම සහ සමාගමේ මුදල් තත්ත්වය අයහපත් වීම මෙම ප්‍රමාදය සඳහා බලපා තිබෙන බව සඳහන් වේ.

එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ගුවන් යානා 27ක් අවශ්‍ය වුවද වත්මන් ගුවන් යානා බලඇණියේ පවතින්නේ ගුවන් යානා 21ක් පමණක් බවද තොරතුරු වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...