එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ඇගළුම් වෙත 100%ක තීරු බදු නිදහසක් ලබා දීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.

එය ශ්‍රී ලංකාවට පමණක් නොව සංවර්ධනය වන රටවල් 65ක් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ වෙළෙඳ ප්‍රතිපත්තියේ වෙනසක් තීරණය වීමෙන් ලද ප්‍රතිඵලයකි.

ආර්ථික බංකොලොත්භාවයක සිට නැගිටිමින් සිටියදී අපේක්ෂා නොකළ ස්වභාවික ආපදාවකට මුහුණ දී නැගිටීමේ වේගය වැඩි කිරීමට සිදුව ඇති මොහොතක මෙය රාජ්‍යයට ලද අස්වැසිල්ලකි.

ඒ අනුව මෙම සහනය සමඟ මෙරට විශේෂයෙන් ඇගළුම් ක්ෂේත්‍රයේ පිබිදීමකට මාර්ගය පාදා තිබේ. මෙහි ධනාත්මක බලපෑම දළ දේශීය නිෂ්පාදිතයටද බලපාන හෙයින් 2026 ආර්ථික ඉලක්ක පරිසධානයේදී මෙය මනා පිටුවහලක් වනු ඇත.

ශ්‍රී ලංකාවට ලද මෙම අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළ පුළුල් කිරීමේදී එක්සත් රාජධානියේ වෙළඳපොළ ඉතා වැදගත් බවයි.

ඇමරිකානු ඩොලර් බිලියන පනහකට වැඩි ප්‍රමාණයක් සහිත වෙළෙඳ පොළක් ලෙස එවැනි ඉඩකඩ බදු නිදහසකින් ප්‍රවේශයට ලැබීම රටක් ලෙස ලද ආර්ථික ජයග්‍රහණයකි.

මේ සම්බන්ධයෙන් මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ”

”ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 වසරේදී අපි බලාපොරොත්තු වුණා ඇමරිකානු ඩොලර් මිලියන 17000 ඉක්මවා යයිි කියල. 2026 බලාපොරොත්තුව තිබ්බේ සියයට දහයකට වඩා වර්ධනයක්. කියන්න සතුටුයි එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරු බද්ධ ජනවාරි මාසෙ පළවෙනිදා ඉදන් අයින් කරලා තියෙනවා. අපට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බදු රහිතව අපනයනය කරන්න පුළුවන්කම ලැබෙනවා. 2024 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් නමසීයක පමණ අපනයනය කරලා තියෙනවා. පසුගිය මාස 11 කාලය තුළදී මේ වෙද්දි ඇමරිකානු ඩොලර් මිලියන 880ක වගේ ප්‍රමාණයක් අපනයනය කරලා තියෙනවා. දැන් 2026 වර්ෂය ඉතා වැදගත් වැදගත් වෙනවා. ලංකාවේ වෙළඳපොළ පුළුල් කිරීමේදී එක්සත් රාජධානියේ වෙළඳපොළ ඉතා වැදගත්. මොකද ඒ මාකට් එක විතරක් ගත්තහමත් තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන පනහකට වැඩි ප්‍රමාණයක්. ඇත්තටම කර්මාන්ත සඳහා
මේකෙ විශාලතම වාසිය ලැබෙන්නේ අපනයන කර්මාන්තවලට. මේ වෙනකොට දෙවෙනි විශාලතම වෙළඳපල වෙලා තියෙන්නේ UK වෙළදපොල. මේක ඉතාම සතුටුදායක කාරණාවක් අපනයන ක්ෂේත්‍රයට. 2026 වර්ෂයේදී අපගේ ඉලක්කයට යාමට හැකියාවක් තිබෙයි. විශේෂ වශයෙන් ස්තූතිවන්ත වෙනවා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවේ තානාපතිතුමාට. ඒ වගේම ස්තූතිවන්ත වෙනවා ලංකාව සඳහා බ්‍රිතාන්‍යයේ වෙළඳපොළ දොර ඇරීම සම්බන්ධයෙන්”
යනුවෙනි.

ඒ අනුව මේ මොහොතේ ලද මෙම ආර්ථික වාසිය ඇගළුම් කර්මාන්තය වටා ඒකරාශී වී සිටින සෙසු කර්මාන්තවලටද මහඟු අවස්ථාවක් වී තිබේ.

මෙම බදු සහනය පිළිබඳ නිදහස් වෙළඳ කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

”එක්සත් රාජධානියේ 2026 මුල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහ වන වෙලද යෝජනා ක්‍රමය වෙනස් වෙලා තිබෙනවා. දැන් එරටට අපේ රටෙන් යවන බඩු සදහා සීමා ඉවත් කර ඇගලුම් ක්ෂේත්‍රය සදහා 100% බාධක ඉවත් කර තිබෙනවා. ඒ අනුව බදු රහිතව අපේ ඇගලුම් එක්සත් රාජධානියට යවන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම එක්සත් රාජධානිය විසින් හදපු රටවල් 18 කණ්ඩායමක් තිබෙනවා. ඒ රටවල්වල හදලත් එක්සත් රාජධාරියට යැව්වොත් ඒක අපේ රටේ භාණ්ඩයක් ලෙස සලකනවා. දැන් අපේ රටේ නිපදනව භාණ්ඩ 90% ක් පමණ මේ තීරු බදු රහිතව යවන්න පුලුවන්. මේ හරහා මේ රටට විශාල සහනයක් ලැබෙනවා. මානව හිමිකම් කම්කරු නීති කිසි දෙයක් නොබලා මේ ලබාදීපු නිදහස ඉතා බලපානවා. මේ හරහා එක්සත් රාජධානියට ස්තූතියිවන්ත වෙනවා. තීරු බදු රහිතව ඒ රටට බඩු ඒම නිසා එරට වෙළෙඳපොළ බඩු මිලත් අඩු වෙනවා. මේ වගේම විදෙස් ආයෝජන පුළුල් වෙනවා. මේක අපේ රටේ ආර්ථිකයට ඉතා වැදගත්. අපි එක්සත් රාජධානියට ස්තූතියිවන්ත වෙනවා. අපි අපේ රජයට ස්තූතියිවන්ත වෙනවා. එක්සත් රාජධානිය එක්ක එකතු වෙලා වැඩ කිරීම ගැන ස්තූතියිවන්ත වෙනවා. ඇගලුම් අපනයන වලින් 60% ක් පමණ එක්සත් රාජධානියට යනවා.දේශීය අනෙක් ව්‍යවසායකයන් උනන්දු වුනොත් අනෙක් අපනයන සදහාත් යොදා ගන්න පුලුවන්. මේක නිසා දළ දේශීය නිෂ්පාදනයට 5% ක් පමණ වැඩි කරගන්න ලැබේවි කියලා හිතනවා.”

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවන විශාලම වෙළෙඳපොළ ඇත්තේ එක්සත් රාජධානිය සමග වන අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වෙයි.

ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ පසුගිය වසර දෙක තුළ වාර්තා වූ වර්ධන වේගය දිගටම පවත්වාගෙන යමින් මේ වසරේ (2026) දී මෙරට ආර්ථිකය සියයට 4 – 5 කින් පමණ වර්ධනය කරගත හැකි වනු ඇති බවයි. ආර්ථික ස්ථාවරත්වය ඇති කරගැනීමේදී සාර්ව ආර්ථිකය දෙසම බැලිය යුතු වන අතර මේ මොහොතේ අපනයන ක්ෂේත්‍රයට ලද මෙම තීරු බද්දෙන් නිදහස් වීමේ ප්‍රවේශය සාර්ව ආර්ථිකයේ සාධනීය තත්ත්වයක් ගොඩනග ගැනීමට ඉවහල් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...