භානුක නැති එක්දින කණ්ඩායමට අවිශ්කත් අහිමි වෙයි !

Date:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහුට අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අද ජෛව ආරක්ෂක බුබුළට ඇතුළු වන අතර අවිශ්ක ඊට ඇතුළත්ව නොමැත.

අවිශ්ක පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින අයෙකු වන අතර කෙසේ නමුත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන සති දෙකක් හෝ ඉක්ම ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

එක්දින කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වූ භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමුගත් අතර අවිශ්කගේ අහිමි වීම හේතුවෙන් එක්දින කණ්ඩායම දැඩි අර්බුදයකට ලක්වනු ඇත.

අවසන් වරට මෙරටදී සිම්බාබ්බේ කණ්ඩායම සමග පැවති තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර ප්‍රබල ක්‍රීඩකයන් අහිමි වීම හේතුවෙන් යළිත් පරාජයට වීමේ අවදානමක් මතුව තිබේ.

මෙම තරගාවලිය එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ සුපර් ලීග් තරගාවලියට අදාලව පැවැත්වෙන බැවින් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නම් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 3-0 ක ජයග්‍රහණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.

සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව හත්වැනි ස්ථානයේත් සිම්බාබ්වේ අවසන් ස්ථානයේත් පසු වේ. ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇති තරග 09 න් 06 ක් වත් ජයගත යුතුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ස්ලෝවේනියාවේ දී 1998, උපත...

අර්බූදවලින් හම්බ කළ හැකි සාමය සහ විශ්වාසය

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ආසියානු ක්‍රිකට් සූරතාවලිය සැප්තැම්බර්...

එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ...

එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා...