Thursday, March 23, 2023
spot_img

Latest Posts

ශ්‍රීලනිපය නැතුව තුනෙන් දෙක රැකගන්නෙ කොහොමද ? – කැබිනට් සංශෝධනයත් කල්යන ලකුණු !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණ අතර මතගැටුම මේ වනවිට මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා. පොදුජන පෙරමුණේ බොහෝ මැති ඇමතිවරුන් පවසන්නේ ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය නොකර ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බවයි.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් කළයුතු බවට ආණ්ඩුවේ නායකයන්ට මැති ඇමතිවරුන් රැසක් යෝජනා කර ඇති අතර ඇතැම් ඇමතිවරුන් බලපෑම් කරන තත්වයට පත්ව තිබේ.

මෙම තත්වය මත, පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පෙර නියමිතව තිබෙන කැබිනට් සංශෝධනයද කල්දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් හෝ ඉවත් කළහොත් ආණ්ඩුවට හිමි තුනෙන් දෙකක බලය අහිමිව යන අතර රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක තුනෙන් දෙකේ බලය අහිමි වුවහොත් එය ආණ්ඩුව අවදානමකට දැමීමකි. මෙතරම් ආණ්ඩුවට පහර ගසද්දීත් තවමත් ශ්‍රිලනිප මැති ඇමතිවරුන් ආණ්ඩුව තුළ තබාගෙන සිටින්නේ එබැවිනි.

ශ්‍රීලනිපය නොමැතිව තුනෙන් දෙක ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමක ආණ්ඩුව නිරතවෙමින් සිටින අතර මේ වනවිටත් උතුරු නැගෙනහිර මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ සහාය ආණ්ඩු පාර්ශ්වයට ලැබී තිබේ. විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ දැනට ඉතිරි වී සිටින්නේ එම පක්ෂවල නායකයන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරු පමණි.

මේ අතර වතුකරය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දිනා ගැනීම සඳහාද ආණ්ඩුව මෙහෙයුමක් දියත් කර තිබේ.

යම් හෙයකින් මුස්ලිම් හා වතුකරයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට සමත් වුවහොත් ඔවුන්ට ඇමති තනතුරු ලබාදීමටද සිදු වේ. 19 වැනි සංශෝධනය හරහා කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති තනතුරු සීමා කර ඇති හෙයින් තුනෙන් දෙකද ආරක්ෂා කරගෙන ඇමති තනතුරු ලබාදීමට ගියහොත් එහිදීද අර්බුදයකට මුහුණදීමට සිදු වේ.

අනෙක් පැත්තෙන් පොදුජන පෙරමුණ තුළද පක්ෂ රැසක සාමාජිකයන් සිටින බැවින් ඔවුන්ටද කැබිනට් ඇමති තනතුරු බෙදී යා යුතුය. මීට පෙර කැබිනට් ඇමති තනතුරු දැරූ ජ්‍යෙෂ්ට දේශපාලනඥයන් රැසක් කැබිනට් තනතුරු නොමැතිව සිටින අතර ඔවුන් සියලු දෙනාද ඉදිරි කැබිනට් සංශෝධනයේදී හෝ ඇමති තනතුරක් හිමිවෙතැයි බලාපොරොත්තුවෙන් සිටී.

ආණ්ඩුවට ඇති එකම විකල්පය වන්නේ කුමන පක්ෂයක් හෝ සමග එක්ව ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමයි. එසේ වුවහොත් කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව ඉහළ දැමීමේ හැකියාව ලැබෙන අතර කෙසේ නමුත් රටේ බහුතර ජනතාව ආණ්ඩුව කෙරෙහි දැඩි කළකිරීමෙන් සිටින බැවින්, කැබිනට් තනතුරු ඉහළ දැමීමේ අරමුණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ආණ්ඩුවේ ඉතිරී වී ඇති ලකුණු ටිකද සියතින්ම කපා ගැනීමක් වනු ඇත.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.