කලු වළාවේත් රිදී රේඛා – ගෑස් පෝලිම් නිසා බිහි වූ නව රැකියා අවස්ථා

Date:

ගෑස් පෝලිම්, සහල් පෝලිම්, සීනි පෝලිම්, කිරිපිටි පෝලිම් හේතුවෙන් වත්මන් ආණ්ඩුව බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක්ව තිබේ. සමාජ ජාලා මාධ්‍ය පරිශීලකයන් පසුගිය දිනවලදී ප්‍රකාශ කළේ රට නැවතත් 70 දශකයේ පෝලිම් යුගයට ගමන් කරමින් සිටින බවයි.

බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැය ගණන් පෝලිමේ සිටීමට සිදුව ඇති අතර එකවර පෝලිම් කිහිපයක රැඳී සිටිය නොහැකි බැවින් මුදල් ගෙවා පෝලිම්වල රඳවා තැබීමට වෙනත් පුද්ගලයන් හයර් කිරීමට සිදුවන බවද ඇතැම් සමාජ ජාලා මාධ්‍ය පරිශීලකයන් උපහාසාත්මකව ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් කාටුන් පවා නිර්මාණය විය.
‍‍
උපහාසයට කී එය මේ වනවිට යථාර්ථයක් බවට පත්ව තිබේ. රුපියල් 500 බැගින් අයකර ගෑස් පෝලිම්වල රැඳී සිටින පුද්ගලයන් පිළිබඳව මේ වනවිට කොළඹ නගරයෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. රැකියාවල නිරත වන පුද්ගලයන් ගෑස් පෝලිම්වල රැඳී සිටීමට නිවාඩු ලබා ගැනීමට නොහැකි නිසා රුපියල් 500 බැගින් ලබා දී වෙනත් පුද්ගලයන් පෝලිම්වල රඳවා තැබීමට කටයුතු කරනවා.

කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබාගැනීමට දින දෙකක් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෝලිමේ සිය ස්ථානය වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද රුපියල් 500 – 1000 අතර මුදලක් වැය කිරීමටද සිදුව ඇති බවයි ගෑස් පාරිභෝගිකයන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...