*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

පොතපතට අනුව ආර්ථික තත්ත්වය හා මහපොළවේ තත්ත්වය

බොහෝමයක් ආර්ථික විශේෂඥයන් ⁣අපේ රට මූල්‍යමය උගුලක හිරවෙන බව ප්‍රකාශ කර ඇත. පොතපතට අනුව එම ප්‍රකාශ නිවරිදි විය හැක.මහපොලවෙි තත්වය වෙනස්ය.

රජයක් ලෙස වත්මන් තත්වය හොදින් වටහාගෙන සිටිනවාදැයි බොහෝ දෙනෙකුට සැක සංකා ඇතිවුනේ බිලියන 229 ක දැවැන්ත සහන පැකේජයක් ලබාදීමත් සමගය.. .

ඇත්තෙන්ම එය නමි බරපතල තීන්දුවකි. සමාජයේ වැඩි පිරිසක් කොවිඩි වසංගතයෙන් දැඩි පීඩාවට ලක්වූ බව සැබෑය. රජයක් වශයෙන් සහනයක් ලබාදීම යෙහෙකි. එහෙත් ඉන්පසුව එය ප්‍රතිපූර්ණය කරගන්නේ කෙසේද යන්නත් ඉතාමත් වැදගත් කරැනක් වෙි..

රට පවතින්නේ මුල්‍යමය වශයෙන් අන්තරාදායක තත්වයක වුවද ඉන් මිදීමට අවශ්‍ය සියළුම පියවර ගනිමින් සිටී. ජන 18 ගෙවීමට ඇති ISB ඩොලර් මිලියන 500 ද දැන් සූදානමි කර ඇත.

මෙි වසරේ ගෙවීමට තිබෙන ණය ඩො. බි. 6.9 ද ගෙවිය හැකිබව මුදල් ඇමති පවසා ඇත. එසේනමි අප කලයුත්තේ අරපරිස්සමි කළමනාකරනයක් නොවෙිද?..

2022 සදහා රජයේ ඉලක්කගත භාණ්ඩ සහ සේවා අපනයනය ඩො.බි. 32 ක් පමනවෙි..

විදෙස් ප්‍රේෂණ බි. 7.5 ක්ද,

සංචාරක ආදායම බි. 5 ක්ද වේ.

එසේනමි IMF ණය මුදලක් ලබා නොගන්නේ ඇයිදැයි බොහො දෙනා පවසනවා.රජය IMF සමගින් ඉතා කිටිටුවෙන් වැඩ කරනවා.එමනිසාම ඔවුන්ගේ කොන්දේසිත් පහත අයුරින් විය හැකිබව රජයට වැටහෙනවා.

1) රැපියල පා කිරීමක්..

2) දැනට අයකරන බදු මුදල් වැඩිකිරීමක්..

3)ඉන්ධන සදහා මිල සූත්‍රයක් ..

4)එසේම ජලය සහ විදුලියටත් මිල වැඩිවීමක් ..

5)රාජ්‍ය වියදමි කපාහැරීමක්.

6) සහනාධාර කපාහැරීමක්.

7) රාජ්‍ය සේවය කපාහැරීමක්..

මෙිවා සහමුලින්ම හෝ අර්ධ වශයෙන් හෝ කල යුතුවනු ඇති..රජයේ උත්සාහය ඉන් පරිබාහිරව වසංගතයෙන් අසරණවූ ජනතාවත් බෙිරාගෙන චීනය සහ ජපානය සමග ඉන්දියාව සමග එළැඹුන ආකාරයේ ගිවිසුමි වලට එකඟවීමය..

එමගින් අභ්‍යන්තර ද්‍රවශීලිතාවය වර්ධනය කරගැනීම අභිලාෂයයි.

අද චීන විදේශ ඇමති සමග මෙම සාකචිඦා පවත්වනු ඇත. චීනය 1952 දී ලංකා චීන රබර් සහල් ගිවිසුම අත්සන් කිරීමෙන් ඇරඹුන ද්වී පාර්ශවීය ගනුදෙනු තවමත් සිදුවෙමින් පවතී…

ජපානයද කවදත් ලංකාවට ඉහලම ප්‍රමුඛත්වයක් දෙන රටකි.ඔවුන් සමගද සාකචිඦා ඉතා ඉක්මනින්ම ඇරඹෙනු ඇත..මෙම සාකච්ජා සදහා ජන 3 පැවති කැබිනටි මණ්ඩල රැස්වීමෙිදී අනුමැතිය ලැබී ඇත.(කැබිනටි පේපර් 49 )

වටු වැද්දාගෙන් පණ බෙිරාගැනීමට නමි කුරැල්ලන් සියල්ලෝම එකට එකතුවී එලන ලද දැල පිටින්ම එකවිටම ඔසවාගෙන යායුතු කල එළඹී ඇත…

Sponsored Article
පරාක්‍රම බස්නායක.
හිටපු රේගු අධ්‍යක්ෂ.
නීති හා නීති කටයුතු අධ්‍යක්ෂ
රැන්සමි ලංකා…

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan