සුනිල් සොයා ඩෙස්මනුත් නික්ම යයි …

Date:

ජනප්‍රිය බයිලා ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ නුවර දී, හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.

1944 ජුලි මස මාතර ප්‍රදේශයේදී උපත ලද ඩෙස්මන්ඩ් ද සිල්වා සිය සංගීත දිවිය ආරම්භ කළේ 1963 වසරේදීය. ඒ, ෆයර් ෆ්ලයිස් සංගීත කණ්ඩායමේ ගායකයෙකු වශයෙනි. පසු කලෙක ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්ත කරා ම ළඟා වූයේ සිය සුවිශේෂී ගායන හැකියාව නිසා ය.

කිරිල්ලී රන් කිරිල්ලී, නිල්වන් මුහුදු තීරේ, කැන්ඩි ළමිස්සී, යන්න රටවටේ, සුමිහිරි පානේ වැනි ගීත මෙන්ම අතිශය ජනප්‍රියත්වයට පත්වූ චූඩා මාණිකේ බලාලා වැනි බයිලා ගීත රැසක් ද ඔහු සිය සංගීත දිවිය තුළ ශ්‍රාවකයින්ට තිළිණ කළේය.

අවාසනාවකට, මේ වනවිට අපට පසුකිරීමට සිදුව ඇත්තේ යුගයක් බැබළ වූ තරු පෙළක්ම එක පෙළට නිවී යන සමයකි. සුබගමන් ඩෙස්මන්ඩ් ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...