සුනිල් සොයා ඩෙස්මනුත් නික්ම යයි …

Date:

ජනප්‍රිය බයිලා ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ නුවර දී, හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.

1944 ජුලි මස මාතර ප්‍රදේශයේදී උපත ලද ඩෙස්මන්ඩ් ද සිල්වා සිය සංගීත දිවිය ආරම්භ කළේ 1963 වසරේදීය. ඒ, ෆයර් ෆ්ලයිස් සංගීත කණ්ඩායමේ ගායකයෙකු වශයෙනි. පසු කලෙක ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්ත කරා ම ළඟා වූයේ සිය සුවිශේෂී ගායන හැකියාව නිසා ය.

කිරිල්ලී රන් කිරිල්ලී, නිල්වන් මුහුදු තීරේ, කැන්ඩි ළමිස්සී, යන්න රටවටේ, සුමිහිරි පානේ වැනි ගීත මෙන්ම අතිශය ජනප්‍රියත්වයට පත්වූ චූඩා මාණිකේ බලාලා වැනි බයිලා ගීත රැසක් ද ඔහු සිය සංගීත දිවිය තුළ ශ්‍රාවකයින්ට තිළිණ කළේය.

අවාසනාවකට, මේ වනවිට අපට පසුකිරීමට සිදුව ඇත්තේ යුගයක් බැබළ වූ තරු පෙළක්ම එක පෙළට නිවී යන සමයකි. සුබගමන් ඩෙස්මන්ඩ් ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...