චීන විදේශ ඇමතිගේ සහභාගීත්වයෙන් වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රාංගනය විවෘත වෙයි

0
409

කොළඹ වරාය නගරයේ ඉදිකළ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද විවෘත කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග, මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙම විවෘත කිරීමට සමගාමීව චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 65 වසරක් සම්පූර්ණ වීම ද සැමරීමට පියවර ගෙන තිබිණි.

අද විවෘත කළ පදික මංතීරුව හෙට දිනයේ සිට මහජනතාවට විවෘත කෙ‌රේ. උදෑසන 09 සිට පස්වරු 06 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුමෙන් සාමාන්‍ය ජනතාවට ඊට ඇතුළු විය හැකිය.

දෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා වරාය නරගයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමටද නියමිතව තිබිණි. ඉන් අනතුරුව අද පස්වරුවේ චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නියමිතය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here