*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/09

1. ලෝකයේ වඩාත්ම බලගතු හෙජ් අරමුදල් සහ අනෙකුත් ආයෝජකයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය සහන සඳහා වන සාකච්ඡාවලදී සිය “දැඩි” ස්ථාවරය මඟින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය උපකාර ලැබීම වළක්වා ඇති බව ආර්ථික විද්‍යාඥයින් සහ විශේෂඥයින් 182 දෙනෙකුගෙන් යුත් ගෝලීය කණ්ඩායමක් අනතුරු අඟවයි.

2. 2023 මාර්තු මස පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් දෙක විභාගයට ගන්නා විට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ලෙස එම කොමිසම නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී – මැතිවරණ කොමිසමේ මතුව ඇතැයි කියන බෙදීම හමුවේ නාමයෝජනා කැඳවීමේ තීරණය අස්ථාවරව පවතී.

3. බිත්තර ආනයනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවනු ලබන බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව ප්‍රකාශ කරයි – ආනයනය කරන බිත්තර ප්‍රමාණය සහ ඒ සඳහා සුදුසු ආනයනකරුවන් තේරීම මේ සතියේ තීරණය කෙරේ.

4. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් එක්ව “වේගවත් ආර්ථික ප්‍රතිසාධනය සහ ජන ජීවිතය නඟා සිටුවීම” පිළිබඳ සාකච්ඡා අරඹයි – ශ්‍රීලපොපෙ නියෝජිත කණ්ඩායම – බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න; එජාප නියෝජිත කණ්ඩායම – වජිර අබේවර්ධන, සාගල රත්නායක, රංගේ බණ්ඩාර, අකිල විරාජ්, රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන.

5. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමට (FTA) අදාළ තෙවන වටයේ සාකච්ඡා තේමා 7ක් යටතේ අද ආරම්භ වේ – භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, මූලාරම්භයේ රීති, රේගු සහයෝගිතාව, වෙළඳ පහසුකම් සහ ආර්ථික සහයෝගීතාවය මේ අතර වේ.

6. ප්‍රතිසංස්කරණය කිරීමට/පෞද්ගලීකරණය කිරීමට නියමිත රජය සතු ව්‍යාපාරවල කොටස් තබා ගැනීම සඳහා නව දේපල සමාගමක් මේ මාසයේ පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – රටට ලබා දෙන අරමුදල්, පාඩු සඳහා භාවිතා නොකළ යුතු බව ශ්‍රී ලංකාවට “මූල්‍ය ආධාර” සපයන්නන්ගේ ප්‍රධාන සැලකිල්ලට බඳුන්වන කරුණ බව ද පවසයි.

7. ජනවාරි 16 වනදා සිට මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම (SDF) – හෙවත් මහ බැංකුව සමඟ පවතින අතිරික්ත ද්‍රවශීලතාව නවතා පොලී උපයා ගැනීමට දිනක් තුළ බැංකුවලට ඉඩ සලසන තැන්පතු පහසුකම – කැලැන්ඩර මාසයකට 5 වතාවක් සීමා කරනු ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

8. රටේ එකම පිරිපහදුව ඉරාන තෙල්වලින් ක්‍රියාත්මක වන බවත්, ඉරානයට එරෙහිව එක්සත් ජනපදය විසින් පැනවූ සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිරිපහදු කටයුතු නතර කිරීමට සිදුවූ බවත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි – රුසියාවෙන් සෘජු මිලදී ගැනීම් සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන්, ශ්‍රී ලංකාවට ඉන්ධන සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුව ඇති බව ද පවසයි.

9. පොතුහැර ඉදිවෙමින් පවතින “ව්‍යාජ” දළදා මාලිගාව පිටුපස සිටින පිරිස් එය බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් නිර්දේශ ලිපියක් ලබාගෙන නොමැති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක ප්‍රකාශ කරයි.

10. අඛණ්ඩ ගල් අඟුරු සැපයුමක් ලබා ගැනීමෙන් පසු 2023 දී ශ්‍රී ලංකාව පැය 10 ක විදුලි කප්පාදුව සාර්ථකව වළක්වා ගනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි – මේ වසර සඳහා ගල් අඟුරු නැව්ගත කිරීම් 25 ක් පමණ ලබාගෙන ඇති බැවින් එය දැන් වාසිදායක තත්ත්වයක් බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan