යුක්තිය මෙහෙයුමෙන් ඊයේත් 950ක් අත්අඩංගුවට. 42කට රැඳවුම් නියෝග

Date:

2024.01.08 දින පැය 0030 සිට 2024.01.09 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී මුලු සැකකරුවන් 950 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 42 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය පවසයි.

එසේ අත් අඩංගුවට ගත් අය අතරින් සැකකරුවන් 04 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

එදින මෙහෙයුම් වලදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වේ.

හෙරොයින් 296 g
අයිස් 194 g
ගංජා 117 kg 421g
ගංජා පැල 41767ක්
අබිං 48kg 140g
මාවා 01 kg 86 g
තුල් 25 g
මත්පෙති 223 ක්
ඈෂ් 90 g
මදන මෝදක ගුලි 77 g

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදු පැහැර හැරීම : පියුමි හංසමාලිට සහ විරංජිත් තාඹුගලට නඩු !

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි...

ට්‍රම්ප් අඩු කළ බද්ද රනිල්ට ඇති වෙද්දී සජිත්ට මදි වෙයි!

කොළඹ LNW:අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත...

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW : ඉකුත් 2014 වසරේ...