ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එන ජපාන මුදල් ඇමති!

0
87
Shunichi Suzuki, Japan's minister in charge of the Tokyo Olympic and Paralympic Games, delivers a speech during the opening ceremony of the Yumenoshima Park Archery Field, a new permanent venue that will be used for the Olympic Games and Paralympic Games in 2020, on April 28, 2019 in Tokyo. (Photo by Kazuhiro NOGI / AFP) (Photo by KAZUHIRO NOGI/AFP via Getty Images)

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 කොළඹ (LNW): 2024 ජනවාරි මස 11 සිට 12 දක්වා, ජපාන මුදල් අමාත්‍ය Shun’ichi Suzuki මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරන්නේ, මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් හමු වී නිල සාකච්ඡා පවත්වනු ඇති බවයි.

ජපාන මුදල් අමාත්‍ය Shun’ichi Suzuki මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පාර්ලිමේන්තුව, ජයවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ තටාකාංගනය සහ මහරගම පිහිටි ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය වෙත යෑමටද නියමිත බ්වද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇