සමඟියේ අළු යට ගිනි උඩට – මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරන ලදී.

තමන්ගේ පෞද්ගලික තීරණයක් මත මෙම ඉල්ලා අස් වීමේ තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පතක්රමින් මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින්

”225 පිළිබඳව මහා විශාල එපා වීමක් රටේ සමාජය තුළ තිබෙනවා. පහුගිය දවසක දියවන්නාවේ කිඹුලෙක් ගොඩවෙලා තිබුණා. විශාල ජන රාශියක් හිටියා. මමත් එබිකම් කරලා බැලුවා. ජනතව කිව්වේ මොකක්ද අර 225ම කාපන් කියල. මමත් ඕක අහගෙන හිටියේ. ජන සමාජයෙන් අහන මේ ප්‍රශ්නයේදී මගේ දරුවන්ටත් සමහර වෙලාවට සාප කරනවා ගරු කථානායකතුමනි. එය ඔබේ අපේ වැරදි වෙන්න ඇති. මේ කාරණය මත දේශපාලනය තුළ තවත් ඉදිරියට යනවද නැද්ද කියල බරපතල ප්‍රශ්නය නිසා ඉල්ලා අස් විය යුතුයි කියන තීරණයට ආවා. මේ පාර්ලිමේන්තුවේ නීති සම්ප්‍රදායන් කොතෙක් තිබුණත් සියල්ල නීතිගරුකව සම්ප්‍රදායිකව වෙන්නේ නැහැ. පසුගිය සතියෙත් අපි බරපතල කාරණාවලට මුහුණ දුන්නා. ජනතාව හිතනවා මමත් වැරදි කාරයෙක් කියල. හැබැයි මම හෘද සාක්ෂියට එකඟව මම දන්නවා මගේ දේශපාලන හැසිරීම මොකක්ද කියල. හැබැයි මම කැමති නැහැ මගේ දරුවන්ට සාප කරනවා මේ රටේ ජනතාව. මේ පාර්ලිමේන්තුවේ ඉතාම සුළුතරයක් ඉන්නවා හොරකම්, දුෂණ, වංචා නැති. ඒ අයත් මම වගේ මානසිකත්වයක ඇති හැබැයි මම කරන දේ ඔවුන්ට කරන්න බැරුව ඇති. මම මගේ දරුවෝ ගැන හිතල මේ රටේ ජනතාව කරන සාපයෙන් ඔවුන් මුදවා ගන්නවා. අනික් පැත්තෙන් මේ පාර්ලිමේන්තුව ගැන තිබෙන විශ්වාසය බිඳිලා ගිහින්. ජනවරමක් නැහැ.”

මේ අතර තමන් මෙවැනි තීරණයකට එළඹියේ සමඟි ජන බලවේගයේ පීඩනයකට නොවන අතර තමන් හැමදාමත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටින බවත් සමඟි ජන බලවේගය හැර වෙනත් දේශපාලන පක්ෂයක් තමන් නොමැති බවත් විජේසිරි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

දේශපාලනයෙන් මෙලෙස ඉවත් වීමට චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට සිය පෞද්ගලික කාරණාවල බලපෑම මෙන්ම සමඟි ජන බලවේගයේ අභ්‍යන්තර දේශපාලන තීන්දු ද බලපා තිබෙන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

පසුගිය දිනවල සමඟි ජන බලවේගය සමඟ එක් වූ පිරිස් සහ ඇතැමුන් සම්බන්ධයෙන් පක්ෂය විසින් ගැනීමට නියමිත බවට සැලකෙන තීරණ ඊට බලපා තිබෙන බව සඳහන්.

කෙසේවෙතත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ මෙම ඉවත් වීම සමඟි ජන බලවේගයට විශාල බලපෑමක් එල්ල කරන බවද අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...