මෝදිට අපහස කළ චෝදනාවට මාලදිවයිනේ නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනකු තනතුරෙන් ඉවතට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාලදිවයිනේ නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනකු තනතුරෙන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍යජාලයට මුදා හැරීමේ චෝදනාව මත බව වාර්තා වේ.

මල්ෂා ෂරීෆ්, මරියම් ෂියුනා සහ අබ්දුල්ලා මජීඩ් නමැති මේ නියෝජ්‍ය ඇමැතිවරු පසුගියදා සමාජ මාධ්‍යජාලයට විවිධ ප්‍රකාශ මුදා හරිමින් ඉන්දීය අගමැතිවරයා කවටයකු, ත්‍රස්තවාදියකු සහ ඊශ්‍රායලයේ රූකඩයක් ලෙස හඳුන්වා තිබූ බව වැඩිදුරටත් සඳහන් වේ.

මේ ප්‍රකාශ සම්බන්ධව මාලදිවයිනේ ඉන්දීය මහකොමසාරිස්වරයා එරට රජයෙන් විමසීමක් කර තිබු අතර, ප්‍රකාශ සම්බන්ධව විරෝධතාව පළ කරමින් ඔහු නැවත ගෙන්වීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

මාලදිවයිනේ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ ප්‍රකාශ හුදෙක් පෞද්ගලික ප්‍රකාශ බවත්, එය මාලදිවයින් රජයේ ස්ථාවරය නොවන බවත් එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...