ඉන්දීය ත්‍යාගය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රු. මි. 1.5ක මුදලක ඉතිරියක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW :

ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ප්‍රධානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙන බව වාර්තා වේ .

මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිල වශයෙන් පිරිනමන ලද්දේ හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙනි.

යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මුදලක් වැය කිරීමට සිදුව තිබුණ බව පැවසේ.

මෙම නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමඟ එම කුලී පදනමේ වාහන ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හරහා වසරකට රුපියල් මිලියන 18කට අධික රජයේ මුදලක් ඉතිරි වනු ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...