ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලු රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් නව බදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
තමා ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලුම රටවල් වෙනුවෙන් නව බදු පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධව කටයුතු කරන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා එළඹෙන පෙබරවාරි 1 වන දින සිට 10% ක තීරුබදු අදාළ වන අතර පසුව එය 25% දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම නව බදු සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ තර්ජනය සම්පූර්ණයෙන්ම වැරදි බව එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාමා ප්‍රකාශ කර ඇති අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එය පිළිගත නොහැකි බව සඳහන් කර තිබේ.

කෙසේ නමුත්, ජනාධිපති ට්‍රම්ප් රුසියාව හෝ චීනයට පෙර තමා ග්‍රීන්ලන්තය අත්පත් කරගත යුතු බවත්, ඇමරිකානු ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය එක්සත් ජනපදය සතු විය යුතු බව අවධාරනය කරන අතර එය බලහත්කාරයෙන් ගැනීම ප්‍රතික්ෂේප කර නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...