ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලු රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
තමා ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලුම රටවල් වෙනුවෙන් නව බදු පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධව කටයුතු කරන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා එළඹෙන පෙබරවාරි 1 වන දින සිට 10% ක තීරුබදු අදාළ වන අතර පසුව එය 25% දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම නව බදු සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ තර්ජනය සම්පූර්ණයෙන්ම වැරදි බව එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාමා ප්‍රකාශ කර ඇති අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එය පිළිගත නොහැකි බව සඳහන් කර තිබේ.

කෙසේ නමුත්, ජනාධිපති ට්‍රම්ප් රුසියාව හෝ චීනයට පෙර තමා ග්‍රීන්ලන්තය අත්පත් කරගත යුතු බවත්, ඇමරිකානු ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය එක්සත් ජනපදය සතු විය යුතු බව අවධාරනය කරන අතර එය බලහත්කාරයෙන් ගැනීම ප්‍රතික්ෂේප කර නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...