සිලින්ඩර දේශපාලනයත් අවසන්?

Date:

කොළඹ LNW:සිලින්ඩරය යනු පක්ෂයක් නොවන අතර පසුගිය මැතිවරණ අවස්ථාවේ පාර්ශව කිහිපයක් එකට එකතු වුණු සන්ධානයක් පමණක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ ඊට සහය දැක්වුවා මිස සාමාජිකයන් නොවුණු බවයි යාපා මහතා පවසන්නේ.

ඒ මොහොතේ සිලින්ඩරය සමඟ එක්වුණේ අනන්‍ය දේශපාලන කඳවුරු තුළ හිඳිමින් බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.

”අපේ පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයේ හා සන්ධානයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්න සාකච්ජා වට ගණනාවක් ආරම්භ කෙරුවා. ලනකවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් හිතවත් පක්ෂ එකතුකරගෙන වැඩපිළිවෙලක් සකස් කරන්න. සිලින්ඩරය කියන්නේ පක්ෂයක් නෙවෙයි. ඒ වෙලාවේ එකතු වුණු සන්ධානයක්. එතනට අපි එකතු වුණේ අපේ දේශපාලන කඳවුරු වල ඉඳගෙන. සිලින්ඩරය ඒ මොහොතේ එකතුවෙන්න හදාගත්ත දෙයක් මිස් අපි සිලින්ඩරේ සාමාජිකයෝ නෙවෙයි.” යනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...