චම්පිකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණය අද (10) තාවකාලිකව ඉවත් කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාවට සම්බන්ධ නඩුකරය මඟින් එම තහනම පනවා තිබුණු අතර මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බව දැනුම් දී ඇත.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අද දින සිට ලබන අප්‍රේල් මස 20 දක්වා කාල සීමාව තුළ තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ අතර අප්‍රේල් මස 20 වැනිදා ඔහුට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...