තලතා වැඩ බාරගනිද්දීත් එජාප ප්‍රබල ආධාරකරුවන් නොසන්සුන් …?

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය අද (ජනවාරි10) එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ භාරගත්තා ය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඇය වැඩ ආරම්භ කරන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් සහ ආධාරකරුවන් රැසක් එක්ව සිටියහ.

ඇය සුබ මොහොතින් සිය නිල රාජකාරි ආරම්භ කරන අවස්ථාවේ ඇයගේ අසුනට පසුපසින් ඇය සමීපයෙන්ම සිටියේ සාගල රත්නායක සහ වජිර අබේවර්ධන දෙදෙනා ය.

මෙය දුටු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් අතර කසුකුසුවක් හටගෙන ඇති බව සඳහන්.

එජාපයේ යළි නැඟී සිටීමක් වෙනුවෙන් තලතාගේ පත්වීම ගැන මහත් බලාපොරොත්තු සහගතව පැමිණ සිටියත් එම ප්‍රබල ආධාරකරුවන් සාගල සහ වජිර දැකීමෙන් පසු එකිනෙකා සමග කතාවී ඇත්තේ “මේකෙන් වැඩක් වෙන්නෙත් නෑ. අරුන් දෙන්නානෙ ළඟම ඉන්නෙ. ආයෙත් පරණ ටිකම තමයි සිද්ධ වෙන්නේ” යනුවෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...