තලතා වැඩ බාරගනිද්දීත් එජාප ප්‍රබල ආධාරකරුවන් නොසන්සුන් …?

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය අද (ජනවාරි10) එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ භාරගත්තා ය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඇය වැඩ ආරම්භ කරන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් සහ ආධාරකරුවන් රැසක් එක්ව සිටියහ.

ඇය සුබ මොහොතින් සිය නිල රාජකාරි ආරම්භ කරන අවස්ථාවේ ඇයගේ අසුනට පසුපසින් ඇය සමීපයෙන්ම සිටියේ සාගල රත්නායක සහ වජිර අබේවර්ධන දෙදෙනා ය.

මෙය දුටු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් අතර කසුකුසුවක් හටගෙන ඇති බව සඳහන්.

එජාපයේ යළි නැඟී සිටීමක් වෙනුවෙන් තලතාගේ පත්වීම ගැන මහත් බලාපොරොත්තු සහගතව පැමිණ සිටියත් එම ප්‍රබල ආධාරකරුවන් සාගල සහ වජිර දැකීමෙන් පසු එකිනෙකා සමග කතාවී ඇත්තේ “මේකෙන් වැඩක් වෙන්නෙත් නෑ. අරුන් දෙන්නානෙ ළඟම ඉන්නෙ. ආයෙත් පරණ ටිකම තමයි සිද්ධ වෙන්නේ” යනුවෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...

එක තැන පල්වෙන දුම්රිය නිලධාරීන්ට ඇමතිගෙන් යස පාඩමක්. අවසාන වොර්නින් එකත් දෙයි!

කොළඹ LNW:මගී ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය නිසි පරිදි ලබා...