කොළඹ LNW:රෝහින්ග්‍යා සරණාගතයින්ට සහය දක්වමින් අද (10) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
එම සරණාගතයින් පිටුවහල් නොකරන ලෙසත් රටට ඔවුන්ව සාදරයෙන් පිළිගන්නා ලෙසත් එම පිරිස හමුදා කඳවුරු තුළ රඳවා නොතබන ලෙසත් රජයෙන් ඉල්ලීමක් කළේය.
එම සරණාගතයින් මෙරටින් පිටුවහල් කළහොත් එය රටට කැළලක් බවත් මානුෂිය පදනම මත පිහිටා කටයුතු කරන ලෙස එම විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියහ.
ජාත්‍යන්තර මානව හිමිකම්වලට ගරුකරමින් මේ මොහොතේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගත පිරිසට සහය දැක්විය යුතු වන බව විරෝධතාකරුවන් වැඩිදුරටත් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න