ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW :

ආපදාවෙන් රට තුළ විශාල හානියක් සිදු වූ අතර තවමත් එහි සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතී.

එහිදී, පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුලුඔය පාලම අසලින් දැඩි ලෙස විනාශ වූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු අංශයේ කාර්මික ශිල්පීන් හා කම්කරුවන්ගේ සහාය ඇතිව එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු වන බව වාර්තා වේ.

මෙහිදී, පුත්තලම දක්වා දිනකට දුම්රිය ගමන්වාර 4ක් පමණ සිදු වන බවද පැවසේ.

ආපදා තත්ත්වය හේතුවෙන් මෙසේ පුත්තලමට දුම්රිය ධාවනයක් සිදුවන්නේ නැහැ. ඒ අනුව මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු ආරම්භ කෙරුණු අතර තවත් මාසයක පමණ කාලයක් ඒ සදහා ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය දා ඇති වු ජල ගැල්මෙන් බිදි ගිය නොච්චියාගම මහලිද වැව වැව් බැම්මේ තාවකාලික ඉදිකිරීම් අවසන් කෙරුණ බව වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි මෙහි ඉදිකිරීම් සිදු කළ අතර, ඒ සඳහා දින 20ක කාලයක් ගත විය.

තාවකාලික බැම්ම ඉදිකිරීම නිසා කුඹුරු අක්කර 450ක පමණ වගා කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවන බව ,, ගොවීන් පවසයි.

තවද, පාදුක්ක ගලගෙදර සිටිපාර්ක් මාර්ගය මීටර් 150ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු ජනතා අයිතියට පත්කෙරුණ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන් එය සිදුවිය.

ව්‍යාපෘතිය සදහා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය කර තිබෙන බවද පැවසේ.

පසුගිය වසරේ දී පාදුක්ක, සීතාවක හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති 780ක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2000කට වැඩි මුදලක් වැය කර ඇති බව මෙහිදි හෙළි ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...