ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01:
ජර්මනියේ ඉහළ යන ජීවන වියදම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පැවැති දැවැන්ත විරෝධතා අතරතුර වෙළෙඳසැල් කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වී තිබේ.

ඔක්තෝබර් 31 වැනිදා ජර්මනියේ බර්ලින්, ෆ්‍රැන්ක්ෆර්ට් සහ මියුනිච් ඇතුළු නගර 34ක ‘Gen Z regelt’ නම් තරුණ සංවිධානය විසින් මෙම විරෝධතාවයන් කැඳවා තිබූ අතර තරුණ පරපුරට බලපා ඇති ජීවන වියදම් ඉහළ යාම, අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීම, සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ අනිවාර්ය හමුදා සේවයට විරෝධය පළ කිරීම මෙම විරෝධතාවල ප්‍රධාන අරමුණු වී තිබේ.

දිවා කාලයේදී විරෝධතා බොහොමයක් සාමකාමීව පැවැත්වුණද රාත්‍රිය වන විට තත්ත්වය උණුසුම් වී තිබේ.

විශේෂයෙන්ම ජර්මනියේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුකර අවම වශයෙන් වෙළෙඳසැල් දෙකක් කොල්ලකා ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් විසින් පොලිසියට සහ හදිසි සේවා නිලධාරීන්ට ගල්, ගිනිකෙළි සහ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ජල ප්‍රහාරක රථ සහ කඳුළු ගෑස් භාවිත කර තිබේ.

ජර්මනිය පුරා පැවැති විරෝධතාවලට දස දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී ඇති අතර, මේ අතර, විරෝධතා අතරතුර අන්තවාදී කණ්ඩායම් තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරන බවට ජර්මානු බලධාරීන් අනතුරු අඟවා ඇත.

යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය ආර්ථික වර්ධනය යළි ඉහළ නැංවීමේ අභියෝගයකට මුහුණ දී සිටින පසුබිමක මෙම විරෝධතා පැවැත්වීම විශේෂත්වයක් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...