ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 06ක් සමඟ ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.

හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි අන්තෝනි චාල්ස් නොහොත් ‘චාලා‘ නමැති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා මොවුන් පැමිණ ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

මෙහි වෙඩික්කරු බවට හඳුනාගත් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සාමාජිකයෙකු වන අතර සෙසු සැකකරුවන් තිදෙනා කැලණිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...