එදා බී ළූණු පෙන්නලා සැපද, සනීපද ඇහුවා. අද රටම අසනීපෙන් – මෛත්‍රී යළිත් පොහොට්ටුවේ පතුරු අරී (VIDEO)

Date:

වත්මන් පාලනය යටතේ රට තුළ ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ අහේනියක් ඇතිවී ඇතැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“රටම අසරණයි, රටම අවුලක්. මේ ලෝකෙ දෙයක් දන්නෙ නැති අය මේ සමහර වෙලාවට කියනවා මැතිණිගෙ කාලෙ වගේ දැන් කන්න නෑ, පෝලිම් කියලා. මම මැතිණිගෙ කාලෙ සතොසෙන් බඩු බෙදාහැරපු සැපයුම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණෙ නෑ ඒ කාලෙ. මෙහෙම පෝලිම්වල ගිහිල්ලා කුණුහරුප කිව්වෙ නෑ කවුරුවත් ඒ ආණ්ඩුවට.

හිතන්න එපා රටක් කරන්න පුළුවන් කියලා තනියෙන් නායකයෙකුට. ඔහුට හොඳ කණ්ඩායමක් ඉන්න ඕනෑ. අවුරුදු පහක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. පාර්ලිමේන්තුවේ අඩු වශයෙන් මං වෙනුවෙන් කතා කරන්න මන්ත්‍රීවරයෙක් හිටියෙ නෑ, ආණ්ඩුවෙත් නෑ, විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති නැතුව, ඇමති මණ්ඩලයක් නැතුව, පාර්ලිමේන්තුවෙ බලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයකට රට දැම්මෙ නෑ. 2015ට කලින් තිබුණාටත් වඩා අඩුවෙන් බඩුමිල දුන්නා අපේ කාලෙ.

ඉතා අමාරුවෙන් රුපියල් දෙකකින් තෙල් මිල වැඩි කළාම පොහොට්ටුවේ නායකයො බයිසිකල් පැද්දා කොටුවෙ ඉඳලා පාර්ලිමේන්තුවට. ඒ අතරට ඉතින් දන්නවානෙ පොල් බෑය පෙන්නලා අහපු ඒවා, ලූණු ගෙඩිය පෙන්නලා අහපු ඒවා. දැන් සනීපද ඇහුවා, සැපද ඇහුවා … දැන් රටම අසනීපයි.

ජනාධිපතිවරණයට කලින් අම්මේ ශ්‍රීලනිපය ගැන තිබුණු වටිනාකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ! පොහොට්ටුවේ නායකයො මාව කීසැරයක් හම්බුණාද ? වන් ටූ ත්‍රී තුන්දෙනා වෙනම මාව හම්බුණා ජනාධිපති කාර්යාලෙට ඇවිල්ලා. අනේ ශ්‍රීලනිපය නැතුව දිනන්න බෑ කියපු අය ජනාධිපති ඡන්දයෙන් පස්සෙ පළවෙනි සතියෙම අපේ සන්ධාන ගිවිසුම කඩකෙරුවා. සන්ධාන ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල්, මේ අවුරුදු දෙකක් ගිහිල්ලත් පොහොට්ටුවේ නායකයින් ඉටුකරලා නෑ. අර කරපිංචාවල කතාව තමයි.

ජනාධිපති ඡන්දයක් එන්නෙ නෑ ඉක්මනින්. ඊළඟට ජාතික මැතිවරණයක් ස්ථිරවම එන්නෙ පාර්ලිමේන්තු මැතිවරණය. ඔය සමහර අය එහෙන් මෙහෙන් කියනවා ජනමත විචාරණයක් ගැන අර ජේ. ආර්. ජයවර්ධන මහත්තයා කළා වගේ. ජනමත විචාරණ තියලා ආණ්ඩුවෙ කල් දික්කරගන්න නම් ලෑස්ති වෙන්න එපා, ඒක කවදාවත් කෙරෙන්නෙ නැති වැඩක්”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා...