මෛත්‍රීව බේරාගෙන ඉන්න එක තමයි ලොකුම වැරැද්ද. ළඟදීම ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගනීවි – දිළුම්

Date:

ආණ්ඩුව කරන ලොකුම වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බේරාගෙන සිටීම බවත් ඒ මහතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා ආණ්ඩුවට දැඩි ලෙස විවේචන එල්ල කරනවා ?

“එතුමාව බේරාගෙන ඉන්න එක තමයි කරන ලොකුම වැරැද්ද. ඒක නිසා අපිත් එක්ක තරහාවෙන මිනිස්සු විශාලයි. අවශ්‍ය ටික කෙරුවා නම් ඉවරයි. ජනාධිපතිතුමා ඒක වැඩිකල් යන්න කලින් කරයි මං හිතන්නෙ”

ප්‍රශ්නය – රජයේ පැවැත්මට බලපෑමක් වෙයිද ඒකෙන් ?

“නෑ, රජයේ පැවැත්මට කොහොමද බලපෑමක් වෙන්නෙ ? ආප්ප කාලා පැනලා ගියාට පස්සෙ අපි අලුත් පක්ෂයක් හදලා, තුනෙන් දෙකක බලයක් ලබාගෙන, මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිත් කරලා, එතුමාගෙ සහෝදරයා ජනාධිපතිත් කෙරුවා. ඉතින් ඉතුරු ටික කරන්න මෙතුමලා ඕනෙද ? ඔවුන් ඉන්න එක තමා බලපෑම. ගියා නම් මීට වඩා ලේසියි මේක”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...