ශ්‍රී ලංකාව ඉන්දීය මිරිස් සැපයුම්කරුවන්ටත් පොලු තියලා – ඉන්දීය මාධ්‍ය ලොවටම කියයි

Date:

මෙරටට ආනයනය කරන වියලි මිරිස් වෙනුවෙන් ඉන්දීය සැපයුම්කරුවන් වෙත තවමත් මුදල් ගෙවා නොමැති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය පවසනවා. මේ හේතුවෙන් ඉන්දීය මිරිස් වෙළඳපොල තුළ යම් අර්බුදයක්ද මතුව ඇති බවයි එම වෙබ් අඩවිය පවසන්නේ.

පසුගිය මාස කිහිපය තුළ ආනයනය කළ මිරිස් තොග වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 250 – 300 ත් අතර මුදලක් ගෙවීමට තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදාල සැපයුම්කරුවන් මෙතෙක් කිසිදු ආයතනයක් වෙත පැමිණිලි කර නොමැති බවත් එසේ පැමිණිලි සිදු කිරීම මුදල් ලබා ගැනීමේදී යම් බාධාවක් සිදුවනු ඇතැයි සැපයුම්කරුවන් විස්වාස කරන බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා වැඩිදුරටත් වාර්තා කරනවා.

ඉන්දියානු මිරිස් අපනයනය කරන ප්‍රධාන රටවල් කිහිපය අතරින් ශ්‍රී ලංකාව එක් රටක් වන අතර මේ නිසා ඉන්දීය මිරිස් සැපයුම්කරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

ඩොලර් අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන පවා අර්බුදයට ගොස් සිටින අතර ඉන්දියාව ඇතුළු රටවලින් ආහාර ද්‍රව්‍ය ගෙන්වන ආනයනකරුවන් පවසන්නේ සිය ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රමාණවත් පරිදි ඩොලර් නිකුත් නොකරන බවයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය සඳහා ණය සහන ලබා ගැනීමට පසුගියදා සාකච්ඡා සිදුකළ අතර ණය පදනම මත ආහාර ද්‍රව්‍ය සැපයීමට ඉන්දීය රජය කැමැත්ත පළකර තිබෙනවා.

THE TIMES OF INDIA

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...