ජනාධිපතිවරණය, මහමැතිවරණය පැවැත්වෙන කාලය එජාප කමිටු රැස්වීමේදී දැනුම් දෙයි

Date:

ඉදිරි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේ දී ද, මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ දී ද පැවැත්වීමට ජනාධිපති වික්‍රමසිංහ විසින් තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ ඊයේ (09) පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දීය.

එසේම 2025 මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

තමන් නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසා ඇති ජනාධිපතිවරයා මෙම ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයේ සංවිධාන කටයුතු වහාම ආරම්භකරන ලෙස දැනුම් දී ඇති අතර, රටේ ආර්ථිකය ගොඩදැමීමට තමන්ට තවත් මාස කිහිපයක් පුර්ණ කාලීනව අවධානය යොමුකළ යුතු හෙයින්, මැතිවරණ ව්‍යාපාරයට එකතුවන්නේ අප්‍රේල් මාසයෙන් පසුව බවට ද දැනුම් දුන් බව ද අඛිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...