ස්පාඤ්ඤය ශ්වසන රෝග වැඩිවීම හේතුවෙන් මුහුණු ආවරණ අනිවාර්ය කරයි

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශ්වසන රෝග වැඩිවීමක් හේතුවෙන් බදාදා සිට ස්පාඤ්ඤයේ රෝහල්වල සහ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නව වාමාංශික සුළුතර සභාග ආන්ඩුව ස්පාඤ්ඤයේ ස්වයං පාලන කලාප 17 න් වැඩි ප්‍රමාණයක විරුද්ධත්වය නොතකා මෙම පියවර පනවා ඇත.

“අපි කතා කරන්නේ ඔබ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ඇතුළු වන විට මුහුණු ආවරණයක් පැළඳීම සහ ඔබ පිටත්ව යන විට එය ගලවා ගැනීම පිළිබඳවයි,” සෞඛ්‍ය අමාත්‍ය මොනිකා ගාර්ෂියා ඉකුත් සඳුදා Cadena Ser ගුවන් විදුලියට පැවසීය.

උණ, COVID-19 සහ වෙනත් ශ්වසන රෝග වැඩිවීමෙන් පසු ස්පාඤ්ඤයේ රෝහල් මෑත සතිවල දැඩි පීඩනයකට ලක්ව ඇති අතර එයට පියවරක් වශයෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...