වසර ගණනාවක් ඇදුනු විශ්‍රාමිකයින්ගේ ප්‍රශ්නයකුත් විසඳයි!

Date:

කොළඹ LNW:වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පා.ම. ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ “ඉතා කාලෝචිත ප්‍රශ්නයක්. වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින විශ්‍රාම පාරිතෝෂිත ගෙවීම ගැන මූල්‍ය අර්බුදයකට අපි මුහුණ දුන්නා. එම අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත්, දීර්ඝව පවත්වපු සාකච්ඡා අනුව, ක්‍රමානුකුලව ලිහිල් කර ගැනීමේ කාර්යයට අවතීරණ වීමට පුළුවන් වුනා.2023 දෙසැම්බර් මාසයේ මුදල් අමාත්‍යංශය විසින් විශාල සහනයකට පරිවර්තනය කළ හැකි ලෙස මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයන්ට විශාල ජයග්‍රහණයක්. ඒ නිසා විශ්‍රාමිකයන් මුහුණ දුන් ගැටලුව තුරන් කිරීමට අපි දැන් එළඹිලා තියෙනවා.” යනුවෙනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...

ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි...