තෙල් සංස්ථා සභාපතිට හැරෙන තැපෑලෙන් ආනන්ද පාලිතගෙන් උත්තර !

Date:

සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාගෙන් රුපිය මිලියන 500ක වන්දියක් ඉල්ලමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සිය නීතීඥයින් හරහා පසුගිය දිනක එන්තරවාසියක් යවා තිබිණි.

ඒ, තෙල් සංස්ථා සභාපතිවරයා ඔහුට නීත්‍යානුකූලව හිමි නොවන ඉහළ වැටුපක් ලබාගන්නා බවටත් නාස්තිකාර අන්දමින් තෙල් සංස්ථාවේ මුදල් වියදම් කරන බවටත් ආනන්ද පාලිත මහතා සිදුකළ ප්‍රකාශයක් මගින් අපහාසයක් සිදුවුණු බව කියමිනි.

ආනන්ද පාලිත මහතා ද මෙම එන්තරවාසියට තම නීතීඥවරයා හරහා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

ඔහු එයින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරිපත් කළ සියලුම කරුණු සත්‍යය බවත් මාධ්‍ය හමුවකදී සත්‍යය කරුණු හෙළිදරව් කිරීම යම් තැනැත්තෙකුට කරන අපකීර්තියක් හෝ අවමානයක් ලෙස සැලකිය නොහැකි බවත් ය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ආනන්ද පාලිත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ද පැමිණිලි කිරීමට සූදානමින් සිටින බවත් එම ලිපියෙන් දැනුම් දී ඇති අතර මෙම නඩු කටයුත්ත පුද්ගලික නඩු කටයුත්තක් බැවින් තෙල් සංස්ථා සභාපතිවරයාගේ නීතීඥ ගාස්තු පුද්ගලිකව දැරිය යුතු බවත් එසේ නොමැතිව සංස්ථාවේ මුදල් ඒ සඳහා යෙදවුවහොත් සභාපතිවරයාට පමණක් නොව ඒ සඳහා අනුමැතිය ලබාදෙන නිලධාරීන්ට එරෙහිව ද අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් දැනුම් දී ඇත.

එසේම ආනන්ද පාලිත මහතාගේ නීතීඥවරයා තෙල් සංස්ථා සභාපතිවරයාගේ නීතීඥවරයාට අවසන් වශයෙන් දැනුම් දී ඇත්තේ තම සේවාදායකයාට එරෙහිව සභාපතිවරයා නඩු පැවරුවහොත් ඊට එරෙහිව උත්තර කියා සභාපතිවරයාට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා මෙන්ම ද්වේෂ සහගත ලෙස නඩු පැවරීමට එරෙහිව වන්දි නඩුවක් පැවරීමට කටයුතු කරන බවත් දැනුම් දෙන ලෙස සිය සේවාදායකයා තමන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

තෙල් සංස්ථා සභාපතිවරයා භාවිතා කරන බවට චෝදනා එල්ල වී ඇති අධි සුඛෝපභෝගී රථ දෙක පහත ඡායාරූපවලින් දැක්වේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...