වාහන ආනයනය ගැන නවතම හෙළිදරව්ව!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ (LNW):

වත්මන් රජය විසින් , වාහන ආනයනයට ඉඩ ලබා දුන්න ද 2020 වසරට සාපේක්ෂව, ඇතැම් වාහනවල මිල ගණන් 45%කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනයන අංශ පෙන්වා දෙන බව තොරතුරු වාර්තා වේ.

එයට හේතුව වන්නේ, එක්සයිස් (Excise–S.P.L.) බද්ද ඉහළ යෑම, එකතු කළ අගය මත බද්ද අය කිරීම සහ සුඛෝපභෝගී බද්ද වැඩි වීම බව පෙන්වා දේ.

වාහන ආනයනකරුවන් පවසන්නේ, මීට පෙර සුඛෝපභෝගී බද්ද අය කරනු ලැබුවේ එන්ජින් ධාරිතාව 2000 සහ 2500 ඉක්මවන වාහන වලට වුව ද නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500 ට වැඩි වාහන වලට එම බද්ද අය කිරීමට ඉඩ ඇති බවයි.

රජය විසින් බදු අනුපාත පහළ දැමුවහොත් වාහන මිලද පහළ යනු ඇති බවත්, විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් මේ වනවිට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවත්, වාහන ආනයනකරුවන් පවසයි.

මේ වන විට රට තුළ පවතින භාවිතා කරන ලද වාහන මිල ගණන් ඉතා ඉහළ අගයක් ගන්නා අතර, එසේ වී ඇත්තේ, වාහන ආනයනය සීමා කිරීම නිසා සැපයුම අඩුවීමෙන් බවත් , වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග ඒවා සාමාන්‍ය මට්ටමට පැමිණෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...