ක්ලීන් ශ්‍රී ලංකා හරිම කතාව එළියට එයි!

Date:

කොළඹ LNW:මේ වන විට ජනතාව අපහසුතාවට පත්වෙන සියලු දේට මාධ්‍ය හරහාම ක්ලීන් ශ්‍රී ලංකා නමින් දැමීම අයුක්තිසහගත වන අතර තවමත් එම වැඩසටහන ක්‍රියාත්මක තලයට පැමිණ නැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවත් රටත් පරිසරය,සමාජ සහ ආචාරධර්ම පැත්තෙන් ඉදිරියට ගෙන යාම බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”පරිසරය,සමාජ සහ ආචාරධර්ම පැත්තෙන් රටත් ජනතාවත් ඉදිරියට ගන්නේ කොහොමද කියන දේ තමයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. තියෙන නීති ක්‍රියාත්මක කිරීමවත් පරිසරය පිරිසිදු කිරීමවත් නෙවෙයි. එක් එක් කොට්ඨාසයේ තියෙන ප්‍රමුඛතම ගැටළු ටික වාර්තා කරලා ඒවාට ව්‍යාපෘති හදනවා. ඒ ව්‍යාපෘතිවලදී රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරලා එකඟතාවයකට එනවා. ඒ ව්‍යාපෘති ටික ජනාධිපති ලේකම් කාර්යාලය හරහා නියාමනය වෙනවා. ඒ වගේ ඉතාම විද්‍යාත්මක වැඩපිළිවෙලක්. ජනසහභාගීත්ව වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල දැනට මහපොළවේ දියත්වෙන්නේ නැහැ. නමුත් එක එක ආයතන මේකට විවිධ අර්ථකතනයන් දෙමින් ඉන්නවා. ඒ වගේම මාධ්‍යත් ජනතාවට වෙන සෑම අපහසුතාවක්ම ක්ලීන් ශ්‍රී ලංකා නමින් දැමීම ඉතාම අයුක්ති සහගතයි. අපේ පැත්තෙන් අඩුපාඩුවක් තියෙනවා සන්නිවේදනය. ඒ අඩුපාඩුව හදාගෙන මේ ප්‍රොජෙක්ට් එක මේ මාසේ අගවෙද්දී පටන් ගන්න තමයි හදන්නේ.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...