බන්ධනාගාර රෝහලෙන් සිරමැදිරියකට යැව්ව දුමින්ද සිල්වා අද ජාතික රෝහලට!

කොළඹ LNW:බන්ධනාගාර රෝහලේ සිට ඊයේ (10) වැලිකඩ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කළ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්ව සිටින දුමින්ද සිල්වා අද (11) කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.

වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ පැය කිහිපයක් තුළ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස කොළඹ ජාතික රෝහල ඇතුල් කර ඇති බව සඳහන්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි වීමෙන් පසුව ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර ඉන් පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් වී තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදුන් පසුව දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කෙටි කලක් කටයුතු කරන ලද අතර ජනාධිපති සමාව අහෝසි වීම නිසා යළි ඔහුට ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම ක්‍රියාත්මක කෙරිණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...