අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

Date:

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (ජනවාරි 11) සවස සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා අද පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වා බොරැල්ල Barney Raymond අවමංග්‍ය ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.

ඉන් අනතුරුව අද සවස 06.00 ට ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

දර්ශන හඳුන්ගොඩ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනික VLOG කලාවේ පුරෝගාමියකු වන අතර මුලින් SLVLOG නාලිකාව හරහාත් පසුව SL Deshaya නාලිකාව හරහාත් ඔහු සිදුකළ තියුණු මාධ්‍ය මැදිහත්වීම සුවිශේෂී එකකි.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීම සඳහා ජනතාව අභිප්‍රේරණය කිරීම උදෙසා ඔහු සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය යෙදවූ අතර ඒ නිසාම අවස්ථා ගණනාවකදී රාජ්‍ය මර්දනයට මුහුණ දීමට ද ඔහුට සිදුවිය.

කලක් තිස්සේ අසනීප තත්වයෙන් පෙළෙමින් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...