ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW:

ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද එස්’තෝමස් ව්‍යායාම ශාලාවේදී පැවති ප්‍රවීනයන්ගේ තරගාවලියේදී බටර්ෆලයි ක්‍රීඩා සමාජය කැපී පෙණෙන දස්කම් දක්වනු ලැබුවා.ඒ අතරින් අයෝමි අළුවිහාරේ කැපී පෙණෙන දස්කම් දැක් වූ අතර ඇයට අවුරුදු 50 න් ඉහළ ත්‍රිත්න සූරතාවය නූලෙන් මඟ හැරී ගියා.අයෝමි ඒකල සහ යුගල තරග දෙකම ජය ගැනීමෙන් පසුව බටර්ෆලයි සාමාජිකයෙකු වන සරත් රත්වත්තේ සමඟ මිශ්‍ර යුගල සූරතාවයේ අවසාන තරගයට ද පිවිසියා.එහිදී වට 5 ක් දක්වා දිගු වුණ තරගයෙන් 2-3 ක් ලෙස පරාජයට පත් වුව ද,තීරණාත්මක පස්වන වටයේදී ද අවසාන මොහොත දක්වාම විශාල සටනක් ලබා දීමට සමත් වුණා.


අවුරුදු 60 න් ඉහළ පිරිමි අංශයේ ක්‍රීඩකයෙකු වූ රත්වත්ත අවුරුදු 50 න් ඉහළ මිශ්‍ර යුගල අවසාන තරගයට පිවිසි අයුරෙන්ම අවුරුදු 60 න් පහළ යුගල අවසාන තරගයේදී බටර් ෆ්ලයි සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා සමඟ ද අවසාන තරගය දක්වා පැමිණෙමින් කැපී පෙණුනා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...