නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW:
සැලෝලයිඩ් පටියක රහට පිංතූර අමුණනවා කියන එක පහසු දෙයක් නෙමෙයි.ඒකට තමයි අධ්‍යක්ෂනයේ පරිණතකම වැදගත් වන්නෙ.එහෙම කාලයක අත්දැකීම් පුරෝගෙන මතුවන අධ්‍යක්ෂකයන් අතරෙ තමන්ගෙ පළමු වැඩේම සාපේක්ෂව පරිණත මට්ටමක තියාගන්න චමින්ද ජයසූරිය සමත්ව තිබෙන බව ඔහුගේ ෆාදර් සිනමා පටය තුළින් පැහැදිළි වෙනවා.
චමින්ද අධ්‍යක්ෂවරයෙක් විදිහට සාර්ථක වෙන පළමු පියවර වෙන්නෙ නිර්මාණයට ගැලපෙන සහෘද පිරිසක් සමඟ එකතුවීම බවයි විශ්වාස කළ යුත්තෙ.සෘජුවම ඊට දායකත්වය ලබා දෙන පිරිසක් බවට සෑම වගකීමකම සුළු හෝ විශාල ලෙස වගකීමේ තරම බෙදා නොගත් දායකත්වයක් චිත්‍රපටයෙන් දකින්නට ලැබෙනවා.මේ ගැලපෙනම පුද්ගල දායකත්වය රූප රාමුවල පෙනෙන චරිතවලින් පිටත ද තිබෙන්නට ඇති බවට නිර්මාණය ලබා දෙන සාක්ෂි සතුටට කාරණයක්.
වැදගත්ම කාරණයක් වන්නේ අධ්‍යක්ෂණය වී ඇති බව දැකීමයි.සුළු හෝ නොසැළකිල්ලක් රූප රාමුවකින් පෙනෙන බවක් නොපෙනෙන්න අධ්‍යක්ෂණය සංයමයෙන් සහ විශිෂ්ඨ ලෙස හැසිරි තිබියදී,අවසාන රූප රාමුවට චමින්ද එන්නේ ඇයි කියන කාරණය අවසානයේ ගැටළුවක් විදිහට ඉතුරු වෙනවා.සමහර විට කෙනෙක්ට නිර්මාණයේ නරකක් හැටියට ඉතුරු කර ගන්නේ නිර්මාණයට අවශ්‍යය නොවන තමන්ට අවශ්‍යය දේ වීම සාමාන්‍ය තත්ත්වයක්.එතැනදී නිර්මාණය වෙනුවෙන් සියල්ල කැප කළ චමින්ද පුංචි අවුලක් කරගෙන තිබෙන බව දැනෙනවා.ඒක ඔහුගේ අයිතිය සහ අපේ දෘශ්ඨිය අතර පරතරයක්.

කැමරාව සිඳුවීම් දිගේ දුව යන්නෙ මෝල් ගස්, වංගෙඩි වගේ සමූහය හිටුවා තබන චරිත හරහා නොවීම අගය කළ යුතු වෙනවා.එවැනි සාර්ථකත්වයක් දැක ගැනීම පහසු නැහැ.ඒ දුවන කැමරාව හසු කර ගන්නා චරිතවල ශාරිරික භාෂාව තමන්ට කැමති විදිහට තබා ගැනීම වෙනුවට නිර්මාණයට අවශ්‍යය ලෙස හැසිරිවීමට අධ්‍යක්ෂවරයා සිය කණ්ඩායම මෙහෙයවා තිබීම විශිෂ්ඨයි.ඒ නිසාම හිස් ගෙඩි හැටියට හිස් තැන් පුරවන්න පැමිණි චරිත වෙනුවට නිර්මාණයේ ආත්මය විසින් ඉල්ලා සිටින මිනිස්සුන්ගේ චලන චිත්‍රපටය පුරවනවා.වෙන සාපේක්ෂ කාරණා පසෙක තබා මෙම කාරණය තුළ ෆාදර් අධ්‍යක්ෂවරයා කර තිබෙන මහන්සිය සහ මෙහෙයුම සාර්ථකයි.ඒ සාර්ථකත්වය නෙලා ගන්නට ඔහුගේ හුස්ම සමඟ පෑහෙන රොත්තක් සිට ඇති බවත් විශ්වාසයි.

විවිධ ආරයේ චිත්‍රපට ෆාදර් විසින් සිහියට නංවනවා.ඒ ඒවා හරහා උකහා ගත් දේවල් නිසා නොවෙයි.ආකෘතියේ මෙන්ම අන්තර්ගතයේ ද ඇති කාරණාවන්ට සමීපව නිර්මාණය වූ සිනමා නිර්මාණ නිසා.එහෙත් ඒ සිහිගැන්වීම් ඇති කළාට ෆාදර් වෙනම හැදුණුම්පතක් සහිත වැඩක් හැටියට එම ප්‍රවර්ගය ඇතුළෙ ස්ථානගත කිරිම අපහසු නැහැ.
අපරාධ සංස්කෘතිය තුළ හමුවන වීරයන් නිර්මාණය වන්නේම සමාජය විසින් ඇති කරන පීඩනය තුළින් වීම අහම්භයක් නොවන බව එවැනි බොහෝ චරිතවලින් පැහැදිළි වෙන ඇත්තක්.මේ වීරත්වයන් මතුවන්නේ විරුද්ධවීමට නැත්නම් එරෙහිවීමට ඇති ශක්තිය මතයි.එහෙත් ඒවා පසුව ඔප මට්ටම් වෙන්නේ වෙනත් දේශපාලන සාධක මතයි.ෆාදර් චිත්‍රපටයේ ඥාණෙට එහෙම හයියක් තිබුණ ඉහත කී විදිහටම පාවිච්චි වුණ පුද්ගලයෙක්.මේ සිනමා පටයේ වීරත්වයට නඟන සජීවි මනුස්සයා තමන්ගේ අනන්‍යතාවය ඒ විදිහට කාටවත් පාවිච්චි වෙන්න නොදුන්න මනුස්සෙක්.

මේ කාරණයම පොලිසියේ ඕඅයිසීලා දෙන්නා හරහාත් පැහැදිළි කර ගන්න පුළුවන්.තමන් කෙසේ භාවිතා වෙනවාද කියන කාරණය තීරණය වන්නේ වෘත්තිමය කාරණාවන් මත පිහිටා නොවේ.තමන්ගේ චරිත ලක්ෂණවල ස්වභාවය විසින් ඉල්ලා සිටින ආකාරය අනුවයි.
මා පෙර සඳහන් කරන ලද මේ ප්‍රවර්ගයේ වැඩ අතර හඳගමගේ රාජිණි සහ චමින්ද ගේ ෆාදර් අතර නිර්මාණයට පාදක වන කාරණා අතර කාලීන සම්බන්ධයක් දකින්න ලැබෙනවා.හඳගම දේශපාලනිකව සමාජය මත ඇති වී තිබූ තත්ත්වය සමඟ ආරක්ෂක අංශවලට අත්තනෝමතිකව හැසිරීමට තිබූ ඉඩ රිචඩ්ගේ ඝාතනය සිඳුවීමට හේතුවක් වූ බව පෙන්නා දෙන්නට උත්සාහ කිරිම දැඩිව විවේචනය වුණා.වවුල්කැලේ සිඳුවීම හරහා ද සිඳු වී තිබෙන්නේ ද එයමයි.

අවසානයේ මර්ධනයේ ඉලක්කය පාලනයේ සිමාවෙන් ගිලිහී මානුෂීය නොවන තැනෙක ස්ථානගතවීම යනු,යාන්ත්‍රණය මෙහෙයවන්නාගේ රුචිය මත එය ක්‍රියාත්මකවිම දක්වා පැතිරෙනවා.ඒ කණෙන් ඇණය ගහලා මේ කණෙන් මතු වුණත් පාවා නොදෙන දේශපාලන යාන්ත්‍රණයක් සහ තමන්ගේ පෞද්ගලික අවශ්‍යයතා මත වියරු වැටුණු විට ද ඒ යාන්ත්‍රණය ඇතුළේම ඒ අවශ්‍යයතාවයද ඉටු කරන්නට යාමෙන් පැහැදිළි කරන අනතුරු හැඟවීම වැදගත්.යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නාගේ රුචිය අනුව මර්ධනයේ සීමාවන් පුළුල් සහ කුඩා විය හැකි දේශපාලනයකට විහිදෙන්නට අවසර නොදීමේ අවශ්‍යයතාවය ද මෙහිදී අවබෝධ කර දෙනවා.
ඉතාම සුළු සිඳුවීමක් නො‘ඉවසීම මත විහිදෙන ප්‍රමාණය අවසානයේ මිනිස් ජිවිත ගණනාවක අවසානය බවට පත්විම චමින්ද ජයසූරිය සාකච්ඡාවට ගන්නා අතරේම ඉවසිමේ සීමාව යනු නිවට කමේ පතුල දක්වාම රැඳී තිබිය යුුතු දෙයක් නොවන බව ද,සිඳුවීම් තුළින් ගම්‍ය කරනවා.මේ සීමාවන් කිසිවක් චමින්දගේ බලපෑමෙන් කොටු කර දැක්විම වෙනුවට ප්‍රේක්ෂකයාග් බුද්ධියේ මිණුම් දඬු අනුව සකස් කර ගන්නට ඉඩ තබා තිබීම වැදගත් වෙනවා.
එහෙත් මේ සියල්ලටම වඩා ෆාදර් තුළ අවධානයට ලක් විය යුතු කාරණාව වන්නේ එහි ඇති සිනමාරූපි ගුණයයි.පොහොසත් රූප රාමු ඇස්වලින් අල්ලාගෙන සිටින්නට කරන පෙළඹීමයි.එක් තැනෙක ඔස්මන් වාසු ගැන කියන දෙබසක් වන්නේ ‘ඌ ඇස් දෙකෙන් බලලා ඇට දෙකෙන් හිතන එකෙක්‘ යන්නයි.ෆාදර් ඇස් දෙකෙන් බලලා හිතේ සහ හදවතේ තැන්පත් කර ගන්න මට්ටමට එසැවුණ නිර්මාණයක් වීම වැදගත්ම කාර්යයයි.
ක්‍රියාදාම ලක්ෂණ සහිත සිනමා පටයක් වුව ද,එහි සියළු රූප රාමු තුළින් ඔහු පිරිස් දර්ශන හැසිරවීමේදී ද චරිතයෙන් චරිතයට රංගනමය කුසලතා මතු කර ගන්නට සමත් වී තිබෙනවා.වේගයෙන් චලනය වන මිනිස් රූප සමඟ සමපාත වන කැමරාව සහ ආලෝකය පවත්වා ගැනීමේ සංයමය පවසන්නේ සිඳුවිම්වල වේගය සහ නිර්මාණකරුගේ සංයමය අතර ඇති සබඳතාවයයි.එසේම නැවත අධ්‍යක්ෂවරයා සමූහ ක්‍රියාකාරකම්වල දී දක්වන විශිෂ්ඨත්වයයි.කැමරාව සහ ආලෝකය ද,සංස්කරණයද ඒකාත්මිකව කළමණාකරණය කර ගන්නට ඔහුට තිබුණ හැකියාවයි.
උදාහරණයකට ‘නඩුකාර හාමුදුරුවො නඩු අහන්න පටන් ගත්තා කියලා කියපං‘ කියන තැනින් එහාට ඔස්මන් නික්ම යන දර්ශනය තුළ හසුකර ගන්නා රූප දෙස බලන්න.ඥාණේගේ මාමා,ඔවුන්ට පක්ෂපාතී අයෙකු සේ පෙනෙන ජනක රණසිංහ මෙන්ම ඥාණේගේ චණ්ඩිකම විසින් චණ්ඩියාට සැළකිල්ල දැක්වීම සඳහා බයාදු ලෙස හැසිරී ඇති මිනිස් සිරුරු ඔස්මන් වෙනුවෙන් වෙනස් වී ඒ ආකාරයට ප්‍රතිචාර දක්වන ආකාරය හඳුනාගැනීමට උත්සාහ කරන්න. එම සිඳුවීම මත වෙනස් වන සමාජයේ හැඩය දෙබස් දහසකින් කියනවාට වඩා පහසුවෙන් ඒත්තු ගන්වන්නට චමින්දට හැකි වී ඇත.
මේ සිනමා නිර්මාණය සම්බන්ධයෙන් මුල සිටම මතු කරන්නට හදපු කාරණාව සියළු අංශවල ඇති සම්බන්ධයේ ඒකාත්මික භාවයයි.ගීයක්,පද වැලක්,දෙබසක් පමණක් නොව චිත්‍රපටයේ කොතැනකින් හෝ ගන්නා රූප රාමුවක චරිතයක එන බැල්මක් වුව ෆාදර් හී ආත්මයෙන් ගන්නා හුස්මයි.මේ තත්ත්වය අවසාන රූප රාමු දක්වාම රැඟෙන ඒම තුළ චමින්ද ජයසූරිය ප්‍රකට කරන්නේ පැසුණු බවයි.කාලයක් තිස්සේ අධ්‍යක්ෂකවරයෙකු නොවී සිටියද,කේෂ්ත්‍රය ඇතුළෙ ගැසූ ඉමක් කොනක් නැති රස්තියාදුවේ දී එකතු කරගත් අත්දැකීම්වල සාරයයි.
වැදගත්ම කාර්යය වන්නේ මේ සිනමාපටය හරහා පැසුණු සිනමාකරුවෙකුගේ හැසිරීම දකින්නට ලැබීමයි.ඒ නිසා ඊට දායක වී සිටින සියල්ලම පැසුණු සුලු අයුරෙන් දැක් වූ දායකත්වය ෆාදර් වෙනුවෙන් සිනමා ශාලා පුරවන්නට සමත් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරනු ඇති බව විශ්වාස කළ හැකියි.කලෙක පටන් සිංහල සිනමාව වෙනුවෙන් අලුත් පරපුරේ දායකත්වයේ ඇති සිනමාරූපී මැදිහත්වීම සුවිශේෂී ලෙස ගත හැකිය.ඔවුන් අතින් වැසි තිබුණු සිනමා ශාලා දොරවල් විවර වෙන්නට පටන්ගෙන ඇති වපසරියක සිඳුවන මේ අපූර්ව සිනමා පටය මෑත ඉතිහාසයේ ඇති කළ සිනමාලෝලීන්ගේ ආකර්ශණයට හේතු වූ සිනමාකරුවන්ට ස්තූතිවන්ත විය යුතුය.
අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත කියන පණිවිඩය ෆාදර් හී අන් සියල්ලටම වඩා වටින බව මගේ විශ්වාසයය.මේ සංයමය සහ ශික්ෂණය සඳහා අවශ්‍යය සිනමා පරම්පරාවක මතු වීම පිළිබඳ ඉඟි බිඟී සහිත මීට දායක වූ සියල්ල අගය කළ යුතු වෙහෙසක හිමිකරුවන්ය.ඔවුන්ගේ නම දායකත්වය වැනි කාරණා ගෙන වෙන වෙනම ඒ නම් සමඟ ලියා තැබීමට වඩා මේ මොහොතේ සමස්තයක් ලෙස ගත් විට මේ සිනමා නිර්මාණය මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවෙකුගේ සම්ප්‍රාප්තිය වීමේ වටිනාකමට සීමා කර නැවත්වීම වැදගත්ය.ඒ සෑම දායකත්වයක්ම නිසි පරිදි වූ නිසා නිර්මාණයට සම්බන්ධ වූ සියල්ලම විශිෂ්ඨ බව ඒ සියල්ල වෙනුවෙන් ලියා තබන්නේය.
රඟ නොපෑ සිටීමේ රඟපෑමේ තරගයක් බඳු වූ මේ චිත්‍රපටය ඇස්වලින් අල්ලා සිටින්නට ඔබ සිනමා ශාලාවට ඉක්මණින් ඇතුළ් විය යුතුය.එක් කාරණයක් වන්නේ පමා වුවහොත් ප්‍රවේශපත්‍ර ඉවර වෙන්නට ඇති ඉඩය.දෙවැන්න බිඳක් මඟ හැරුණොත් එය අපරාධයක් වනු ඇත.ඔබට නැවත ඒ සුළු තත්පර ගණනක් වුව නරඹන්නට පසුම්බියට කරදර ඇති කරනවා නිසැකය.එහෙත් බැලුවත් නැවත බැලීමේ කරදරයෙන් සහ උවමනාවෙන් ඔබේ හිතනම් නිදහස් වේ යැයි සහතික දෙන්නනම් බැරිය.මෙය ඇබ්බැහිවන සුලු වැඩකි.


