යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානියා දිවියෙන් සමු ගනියි

Date:

යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානී ඩේවිඩ් සාසොලි, අභාවප්‍රාප්ත විය.පසුගිය දෙසැම්බර් 26 වැනිදා පටන් රෝහල්ගත ව සිටි ඔහු, දැඩි ප්‍රතිශක්තිකරණ සංකූලතා හේතුවෙන් පීඩා විඳිමින් සිටි බව වාර්තා‌ වේ.

ඔහුගේ යුරෝපා පාර්ලිමේන්තු ධුර කාලය මේ මාසයේ නිමා වීමට නියමිත ව පැවතිණි.

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර උපත ලද සාසොලි, සිය ජීවන වෘත්තිය වශයෙන් ජනමාධ්‍ය වේදය තෝරාගත් අයෙකි. පසුව ඔහු මධ්‍ය-වාමාංශික ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනියි.

2009 වසරේ පටන් යුරෝපා පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු, 2014 වසරේදී එහි උප සභාපති ධුරයට තේරී පත් විය. 2019 වසරේ ජූලි මස පටන් ඔහු යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා සංගමයේ ව්‍යූහයන් 3 අතරින් බලවත්ම ව්‍යූහය ලෙස සැලකෙන අතර, යුරෝපා කලාපය තුළ ඡන්ද විමසීම් මගින් සාමාජිකයන් තෝරාපත් කර ගන්නා එකම ව්‍යූහය ද වේ. යුරෝපා සංගමය සමග එක්ව යුරෝපියානු රටවලට බලපවත්වන කලාපීය නීති සම්පාදනය එයට පැවරී තිබේ. සාමාජිකයන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා සංගමයේ රටවලට බලපාන ප්‍රබලම ආයතනය ලෙස සැලකේ.

AMALI JAYAWEERA – OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...