ශ්‍රී ලංකා මහබැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන් ආර්ථික වර්ධනය අඩාල වනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
“මහ බැංකුව දිගින් දිගටම කියන දේ තමා දැන් උද්ධමනය 9%ට යනවා, ඒ නිසා ඉල්ලුම පැත්තෙන් උද්ධමනය පාලනය කිරීම සඳහා මිනිස්සුන්ට වියදම් කරන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න පොලී අනුපාත ඉහළ දානවා කියලා. එතකොට ඕකෙන් වෙන්නේ අර බලාපොරොත්තු වෙන වර්ධනය, සංවර්ධනය තවදුරටත් පල්ලෙහාට බහිනවා. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා දන්න නැති දෙයක් තමයි ආර්ථික වර්ධනය 4.7ක් කියලා කිව්වට, ඕකෙන් 0.7 තියෙන්නේ බදු. එතකොට මේ බදු හරහා විශාල විදිහට ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි ඇත්ත වශයෙන්ම දත්ත ටික හරියට විශ්ලේෂණය කරගත්තොත් කෙනෙක්ට පේන්නේ. ඉතින් මට පේන්නේ බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය, ජනතාවට ඒ වර්ධනයේ ප්‍රතිඵල බෙදී යෑම තවදුරටත් ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ”
හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


