CID අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජනේලයකින් පැන දිවි නසා ගැනීම :Update 02

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් භාරයේ රඳවාගෙන සිටියදී කාන්තාවක් පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව වාර්තා වන නවතම තොරතුරුවලට අනුව දැක්වෙන්නේ අදාළ මූල්‍ය වංචාව සම්බන්ධ නඩුව ඊයේ (10) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වී ඇති බවයි.

එහි පැමිණිලි පාර්ශවය ලෙස රාජ්‍ය උකස් හා යෝජනා බැංකුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ 2017 දී ගොණු කර තිබුණු මෙම නඩුව සම්බන්ධයෙන් මේ වන විට වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ප්‍රගතියක් නොපෙන්වන බවයි.

රු. ලක්ෂ 800ක පමණ මුදලක් අදාළ කාන්තාව සහ සහකාර සාමාන්‍යාධිකාරවරයා විසින් කූට ලේඛන ඉදිරිපත් කර ගිණුම් 49කට හර කර ඇති අතර ඒ සම්බන්ධයෙනුයි බැංකුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ.

නඩුව පවරා වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බවට පැමිණිල්ලේ නීතිඥවරයා කරුණු දැක්වීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුවයි එම කාන්තාව සහ සහකාර සාමාන්‍යාධිකාරවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...