Wednesday, March 22, 2023
spot_img

Latest Posts

යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානියා දිවියෙන් සමු ගනියි

යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානී ඩේවිඩ් සාසොලි, අභාවප්‍රාප්ත විය.පසුගිය දෙසැම්බර් 26 වැනිදා පටන් රෝහල්ගත ව සිටි ඔහු, දැඩි ප්‍රතිශක්තිකරණ සංකූලතා හේතුවෙන් පීඩා විඳිමින් සිටි බව වාර්තා‌ වේ.

ඔහුගේ යුරෝපා පාර්ලිමේන්තු ධුර කාලය මේ මාසයේ නිමා වීමට නියමිත ව පැවතිණි.

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර උපත ලද සාසොලි, සිය ජීවන වෘත්තිය වශයෙන් ජනමාධ්‍ය වේදය තෝරාගත් අයෙකි. පසුව ඔහු මධ්‍ය-වාමාංශික ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනියි.

2009 වසරේ පටන් යුරෝපා පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු, 2014 වසරේදී එහි උප සභාපති ධුරයට තේරී පත් විය. 2019 වසරේ ජූලි මස පටන් ඔහු යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා සංගමයේ ව්‍යූහයන් 3 අතරින් බලවත්ම ව්‍යූහය ලෙස සැලකෙන අතර, යුරෝපා කලාපය තුළ ඡන්ද විමසීම් මගින් සාමාජිකයන් තෝරාපත් කර ගන්නා එකම ව්‍යූහය ද වේ. යුරෝපා සංගමය සමග එක්ව යුරෝපියානු රටවලට බලපවත්වන කලාපීය නීති සම්පාදනය එයට පැවරී තිබේ. සාමාජිකයන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා සංගමයේ රටවලට බලපාන ප්‍රබලම ආයතනය ලෙස සැලකේ.

AMALI JAYAWEERA – OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.