රවීගේ බලාපොරොත්තු සුන්වෙයි. මහලේකම් ධුරය යළිත් රංගේටම !

Date:

2024 වසර සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාවම පත්කර තිබේ.

එජාප නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා විසින් පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප්‍රදානය කර ඇත.

මෙතෙක් පක්ෂ මහලේකම් ධුරය දැරූ රංගේ බණ්ඩාර මහතා වෙනුවට මේ වසරේදී රවී කරුණානායක මහතාව එම තනතුර සඳහා පත්කෙරෙනු ඇති බවට පසුගිය මාස කිහිපය තුළ ආරංචි පැතිර ගොස් තිබුණ ද එවැන්නක් සිදුවී නොමැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...

පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නොසලකා හරින ලද අර්බුදයක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව පුරා...