ආදිවාසී ජනතාවට දීර්ඝකාලීනව පවතින ගැටළු රැසකට විසදුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සදහා පත් කළ කමිටුවට අද (11 ) දින මෙරට ආදිවාසී ජනතාවට දීර්ඝකාලීනව පවතින ගැටළු රැසකට විසදුම් ලබාදීම සදහා නව රෙගුලාසි පද්ධතියක් සහ නව පනතක් සකස් කිරීමේ කටයුතු ජනවාරි 23 වැනිදා වන විට අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කිරීම සදහා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකවරයාගේ මුලිකත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වු අවස්ථාවේ අධිකරණ අමාත්‍යතුමා මෙම උපදෙස් ලබාදුන් බව පැවසේ.

අධිකරණ අමාත්‍යතුමා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංහයේ ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් සදහන් කළේ, පවතින නීති පද්ධතියට අනුකූලව ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ රෙගුලාසී ඇතුළත් ගැසට් පත්‍රය පළ කිරීමට කටයුතු කරන ලෙසයි.

පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබදව අදහස් හා යෝජනා කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස හා එම යෝජනා හා අදහස් පිළිබදව ඒ ඒ දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කරන ලෙසත්,අමාත්‍යතුමා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

අදිවාසී ජනතාවගේ අයිතින් ආරක්ෂා වන පරිදි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සකස් කරන ලද යෝජනාවලිය අධිකරණ අමාත්‍යතුමා වෙත පිළි ගැන්වීම ද සිදුකර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...